ජීවිතය - the LIFE

ජීවිතය - the LIFE මේ ඔබ වෙනුවෙන් තැනුණු ෆේස්බුක් අවකාශයයි!

තාත්තා කරාට වඩා හොඳට කරන්න එන පරම්පරාගත දූෂිත දේසපාලුවෝ රටට එපා..! රටේ ප්‍රධානම ආර්ථික මර්මස්ථානයටත් වැඩේ දීපු දූෂිත සීය...
02/08/2025

තාත්තා කරාට වඩා හොඳට කරන්න එන පරම්පරාගත දූෂිත දේසපාලුවෝ රටට එපා..!

රටේ ප්‍රධානම ආර්ථික මර්මස්ථානයටත් වැඩේ දීපු දූෂිත සීයලත් එපා..!

උන් වෙනුවට විසඳුම් කියලා ආපු, මහ එකාගේ ඉඳලම බොරුම කියන දූෂිත උනුත් එපා..!

මේ රට හැදෙන්න නම් මුන් එකෙක්ටවත් අයිති නැති අලුත්ම පිරිසකට රට දෙන්න ඕන!

නිශාන්ත උළුගේතැන්න හට දඩුවම් ලැබිය යුතුද?.වර්තමානයේ ඩෝබිවරු මෙතුමා ගැන දන්නේ නැහැ... වැඩිහිටියෝ පොඩ්ඩක් කියලා දෙන්න පොඩි...
29/07/2025

නිශාන්ත උළුගේතැන්න හට දඩුවම් ලැබිය යුතුද?.

වර්තමානයේ ඩෝබිවරු මෙතුමා ගැන දන්නේ නැහැ... වැඩිහිටියෝ පොඩ්ඩක් කියලා දෙන්න පොඩි ලෙඩ්.ඩුන්ට..ඉතිහාසේ මකල දැම්මොත් අනාගතයක් නැහැ.

ගොඩබිමේ යුධ අනසක එදා අල්ලන් හිටිය
General සරත් ෆොන්සේකා
Major General ශවේන්ද්‍ර සිල්වා
Major General ජගත් ඩයස්
Major General නන්දන උඩවතත
Colonel (later Brigadier) ප්‍රසන්න සිල්වා
Maj. Gen. කමල් ගුණරත්නේ
Maj. Gen. චාගි ගාල්ලගේ
Maj. Gen. සත්‍යප්‍රිය ලියනගේ
Maj. Gen. මහින්ද හතුරුසිංහ

මේ විරුවන් සේම තමයි මුහුදේ කොටි අනසක නැති කරපු. කොටි යාත්‍ර විනාශ කරමින් මුහුදේ අනසක අල්ලන් හිටිය නිශාන්ත උළුගේතැන්න.

👇ඔහුගේ වීර කුසලාන:👇
🚀 රණ සූර පදක්කම (ආර්එස්පී)
🚀 දෙවරක් වීරත්වය සඳහා විශිෂ්ඨ සේවා විභූෂණ (VSV)
🚀 උත්තම සේවා පදක්කම (USP)
🚀 දේශපුත්‍ර පදක්කම (ක්‍රියාකාරී රාජකාරියේදී සිදුවූ තුවාල සඳහා)
🚀 නාවික හමුදාවේ 50 වැනි සංවත්සරය සහ සිවිල් යුද සමයේ මෙහෙයුම් පදක්කම් ඇතුළු විවිධ ප්‍රහාරක සහ සේවා පදක්කම්

👇මුහුදු සහ වෙරළ විධාන: 👇

🚀 4 වැනි වේග ප්‍රහාරක යාත්‍රාවට අණ දෙන ලදී.

🚀 ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර අණදෙන ලදී (පළමු ආයුධ නිලධාරි සහ පසුව විධායක නිලධාරි ලෙස සේවය කරන ලදී)

🚀 ජ්‍යෙෂ්ඨ වෙරළ පත්වීම්: අධ්‍යක්ෂ නාවික බුද්ධි, අධ්‍යක්ෂ නාවික අවි, බස්නාහිර සහ දකුණු නාවික ප්‍රදේශ ආඥාපති, DG සේවා, ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී

🚀 සටනේ වීරත්වය - රණ සූර පදක්කම (RSP x2) අද්මිරාල් උළුගේතැන්න හට රණ සූර පදක්කම දෙවතාවක් පිරිනමන ලදී, එය සටන් වලදී තනි පුද්ගල නිර්භීත ක්‍රියාවන් සහ වීරත්වය වෙනුවෙන් ඉහළ ශ්‍රී ලංකා හමුදා උපහාරයකි.

🚀 ලෝකයේ මාරාන්තික සමුද්‍ර කැරලිකාර හමුදාවක් වූ එල්ටීටීඊ මුහුදු කොටින්ට එරෙහිව තීව්‍ර නාවික මෙහෙයුම්වලට සම්බන්ධ විය හැකි සෘජු සටන් තත්ත්වයන්ට ඔහු මුහුණ දුන් බව මෙයින් තහවුරු වේ.

පොඩ්ඩක් හිතලා බලන්න.........
මේවගෙන් සතුටු කරන්න පුළුවන් කාවද?.
මේක කියවන උබද මමද ඩයස්පෝරා උන්ද?.....

වර්තමාන පාලකයන් ඇයි මේ වගේ වීරයන් පස්සෙ යන්නෙ?? කවුරු සතුටු කරන්නද??

කොටි යුද්ධය අවසන් වී වසර 16 යි මාස 2 යි. කොටි බළල් අත් අදටත් ජීවමානයි. සාමාන්‍ය සරල සමාජයේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරි මේ පාලකයන්ට කොටි බළල් අත් කොහේ විනාශ කරන්න පුළුවන් වෙයිද..

Royal College Colombo; King’s College London; Wollongong; madras වල උසස් අධ්‍යාපනය කරපු අවුරුදු 37ක්‌ LTTE යුද්ධය වෙනුවෙන් මහා මෙහෙවරක් කරපු මෙතුමාට මුන් සලකන්නේ මෙහෙමද?.

LTTE මුහුදු කොටින්ට නිශාන්ත උළුගේතැන්න ගේ කියන්නේ apex predator කෙනෙක්. මුහුදු කොටි ආහාර දාමයේ උඩම හිටිය පුරුකක්.

අපි තවත් කකුල් දෙකේ කොටි සතුටු කරමු 💩....

අපි මැරිලා නැහැ. අපි හැමදේම මතකේ තියන් ඉන්නවා.
අපිට අමතක වෙන්නේ නැහැ අපි අමතක කරන්නෙත් නැහැ..

උපුටාගැනීමකි

පරිසර හිතකාමීව සිතමු. පියකරු පරිසරය සුරකිමු. 💚         මධ්‍යම පරිසර අධිකාරියේ පණිවිඩයකි.
22/05/2025

පරිසර හිතකාමීව සිතමු. පියකරු පරිසරය සුරකිමු. 💚


මධ්‍යම පරිසර අධිකාරියේ පණිවිඩයකි.

කොමිස් කුට්ටි වෙනුවෙන් රටේ අහිංසකයන්ගෙ ජීවිත විනාශ කළ කෙහෙලියට නීතිය ක්‍රියාත්මක විය යුතුය!"ඉස්පිරිතාලෙට එන හැමෝම යහතින්...
21/05/2025

කොමිස් කුට්ටි වෙනුවෙන් රටේ අහිංසකයන්ගෙ ජීවිත විනාශ කළ කෙහෙලියට නීතිය ක්‍රියාත්මක විය යුතුය!

"ඉස්පිරිතාලෙට එන හැමෝම යහතින් යන්නේ නෑ, ඒ නිසයි ඉස්සරහ මල්ශාලාවක් දාල තියෙන්නේ "

- කෙහෙළිය රඹුක්වැල්ල -
_______________________________________

“වාට්ටුවේ මිසී කැනියුලා එකෙන් තමයි හවස 3.30ට විතර ඉන්ජෙක්ෂන් එක දරුවට දුන්නේ. ඒක ගැහුවට පස්සේ දුව කිව්වා අම්මා අත ටිකක් කකියනවා කියලා. මම ඒක කිව්ව ම නර්ස් නෝනා මේක ටිකක් සැර එකක් කියලා තව ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා. ඒක ගහලා මිසී අනිත් පැත්ත හැරෙනකොට ම අම්මා මගේ ඇස්වලින් සැරක් එනවා කියලා දුව කෑ ගැහුවා. ඊට පස්සේ දුව සේලයින් එකත් එක්ක ම ටොයිලට් එකට දිව්වා. මම මොකද දුවේ කියලා එයාගේ පස්සෙන් දිව්වා. දුව සින්ක් එකේ ඔළුව ගහගෙන හිටියා. එයාගේ කටින් සෙම ආවා. මුහුණ අතපය, අතේ ඇඟිලි පවා නිල් වුණා. අනේ මගේ මැණික කතා කරන්නකෝ කියලා මම කෑ ගැහුවා. එතකොට වාට්ටුවේ මිසීලා දුවගෙන ඇවිත් දුවව උස්සගෙන වාට්ටුවට අරන් ආවා. ඇඳට දාලා එයාගේ පපුව තෙරපනවා මම දැක්කා. ඒත් මගේ දුව ආයේ ඇස් ඇරීයේ නැහැ. අනේ මගේ දරුවා බේරලා දෙන්න කියලා මම කෑගැහුවා. ඇයි මගේ ළමයට මේ වගේ බෙහෙතක් විද්දේ කියලා මම කෑ ගහලා ඇහුවා. හැමෝම බයවෙලා වගේ බලාගෙන හිටියා. හොඳට කතා කර කර හිටිය ළමයා මැරුණේ මේ ඉන්ජෙක්ෂන් එක ගහපු නිසයි. මට හිටපු එක ම ගැහැනු ළමයත් නැතිවුණා."

-පේරාදෙණිය රෝහලේදී එන්නතක් විෂ වී මිය ගිය දියණියගෙ මව-

---උපුටාගැනීමකි

🇱🇰 2009 - මැයි 18 - 2025 - මැයි 18 🇱🇰මිලේච්ඡ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා මාතාව බේරාගෙන අදට වසර 16කි.ඒ අභීත සටන වෙනුවෙන් ඇස...
18/05/2025

🇱🇰 2009 - මැයි 18 - 2025 - මැයි 18 🇱🇰

මිලේච්ඡ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා මාතාව බේරාගෙන අදට වසර 16කි.

ඒ අභීත සටන වෙනුවෙන් ඇස් හිස් මස් ලේ දන්දෙමින් ආබාධිත වූ දිවි පිදූ සියළුම ත්‍රිවිධ හමුදා විරුවන්, පොලිස් හා සිවිල් ආරක්ෂක විරුවන් ඇතුළු සියළුම විරුවන්ට ජාතියේ උත්තමාචාරය ❤️🙏 🙏

✅ දෙස් විදෙස් කුමන්ත්‍රණවලට නොබියව කුරිරු ත්‍රස්තවාදය මවුබිමෙන් අතුගාදැමීමට අභීතව ශ්‍රී ලංකා රාජ්‍යයට සහ ත්‍රිවිධ හමුදාවට නායකත්වය දුන් විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට

✅යුධ හමුදාව අභීතව මෙහෙය වූ යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතාට

✅නාවික හමුදාව අභීතව මෙහෙය වූ නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට

✅ගුවන් හමුදාව අභීතව මෙහෙය වූ ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතාට

✅පහලම නිලයේ සිට ඉහලම නිලය දක්වා අසීමිත පරිත්‍යාගයෙන් කැපවුණු ත්‍රිවිධ හමුදා, පොලිසිය, සහ සිවිල් ආරක්ෂක බලකායන් නියෝජනය කල සියළුම උත්තමයන්ටද 🙏

✅යුධයේ තුවාල වන අබාධ වන සෙබළුන්,සිවිල් වැසියන් වෙනුවෙන් නොපිරිහෙලා තම සේවය සැපයූ වෛද්‍යවරු,හෙද හෙදියන් ඇතුළු සියළුම රෝහල් කාර්‍යමණ්ඩල මහත්ම මහත්මීන්ටද

✅ යුද්ධය අවසන් වෙනතෙක් අනේකවිධ කැපකිරීම් කරමින් නිහඩව දායක වුනු සියළුම ගෞරවනීය පුරවැසියන්ටද

ස්තුතියි 🙏❤️❤️

දරුවෙකුගේ ආරක්ෂාවක් සහතික කරන්න බැරි තැනක අධ්‍යාපනය තිබේවිද ?පාසල් දරුවෙක් දු&&ණය වෙනවා. පොලිස් පැමිණිලි යනවා , අධිකරණ ව...
09/05/2025

දරුවෙකුගේ ආරක්ෂාවක් සහතික කරන්න බැරි තැනක අධ්‍යාපනය තිබේවිද ?

පාසල් දරුවෙක් දු&&ණය වෙනවා. පොලිස් පැමිණිලි යනවා , අධිකරණ වෛද්‍ය නිළධාරි වාර්තාවක් දෙනවා. ගුරුවරයා රිමාන්ඩ් වෙනවා , ආපහු හිටපු පාසලේම සේවයට යනවා,දරුවා පාසලින් ඉවත්වි වෙන පාසලකට යනවා , උපකාරක පංතියට ගියාම අපතයෙක් දරුවා වචන වලින් දූ$$ණය කරනවා . දරුවා මිය යනවා. සිදුවීම රටේ හැම මාධ්‍යයකම ප්‍රචාරය වෙනවා . රටේ මිනිස්සුන්ගෙ බදුවලින් යැපෙන ආයතන පැමිණිල්ලක් ලැබෙන කල් බලාගෙන ඉන්නවා දෙමාපියන් උද්ඝෝෂණ කරනවා මාධ්‍ය සාකච්ඡා තියනවා ආණ්ඩුව හත්පොලේ ගාගෙන ගුරුවරයා මාරු කරනවා, අලුත් පාසලේ දරුවන්ගේ දෙමාපියන් උද්ඝෝෂණය කරනවා ආණ්ඩුව පාහර ගුරුවෘත්තිකයා අනිවාර්ය නිවාඩු යවනවා.

මම දන්නෙ නැති නිසා අහන්නෙ සාමාන්‍ය මිනිහෙක් දරුවෙක් දූෂණය කලොත් ඌට ඇප ලැබෙන්නෙ දින කීයකින්ද ?
විත්තිකරුට විනය පරීක්ෂණයකින් තොරව රැකියාවකට යා හැකිද ?

මේ ප්‍රශ්න දෙකට දෙන උත්තර අනුව මේකට තියෙන දේශපාලන සම්බන්ධතාවය හිතාගන්න පුළුවන්.

මේවා යවන්නත් කෙනෙක් ඔන්ලයින් ඕඩර් කරන්න බැරිද මං අහන්නෙ 😒
11/02/2025

මේවා යවන්නත් කෙනෙක් ඔන්ලයින් ඕඩර් කරන්න බැරිද මං අහන්නෙ 😒

**ඒ අරූ මාර කතාවක් කිව්වනෙ...****ඌ උඹට මෙහෙම කිව්වා...****මොනවා උනත් එච්චර කැත කතාවක් නේද...****පුදුම මිනිස්සු බන්...**ඔ...
13/08/2024

**ඒ අරූ මාර කතාවක් කිව්වනෙ...**

**ඌ උඹට මෙහෙම කිව්වා...**

**මොනවා උනත් එච්චර කැත කතාවක් නේද...**

**පුදුම මිනිස්සු බන්...**

ඔන්න ඔය වගේ කතා ඔයාට අනන්තවත් ඇහිලා ඇති 😅

සමහර අයට මිනිස්සු කොටවන්න හේතු ඕන නැහැ.තවත් කෙනෙක් මිනිස්සුන්ගෙ ආදරයට ගෞරවයට පාත්‍රවෙද්දි, මිනිස්සු එයා ගැන හොඳ කියද්දි, එක්කො ඔයා කැපී පෙනෙන කෙනෙක් නම් සමහර අයට දරාගෙන ඉන්න අමාරුයි.. ඒ කෙනා ඔයාගේ ළඟම ඉන්න මිත්‍රයෙක් නැත්නම් එකට වැඩ කරන කෙනෙක් වෙන්න පුලුවන්..
ඔයාට හොඳ මූණ පෙන්නගෙන යටින් ඔයාව විනාශ කරන්න ට්‍රයි කරන එක තමා ගොඩක් වෙලාවට ඒ වගේ අය කරන්නෙ..

ඔය අතර සමහර අය ඉන්නවා ඔයාව හැකියාවෙන් පරාද කරන්න තරම් දක්ෂ නැති ඉතින් එයාලා දන්නවා ඔයා දක්ෂයි කියලා..එතකොට බලනවා මිනිස්සු අතර ඔයාව පිරිහීමට පත් කරන්න පුලුවන් ද කියලා..ඒකට එයාලා විවිධ ක්‍රම උත්සාහ කරනවා..එයින් එක ක්‍රමයක් තමයි ඔයා ගැන හොඳ කියන මිනිස්සුන්ට ඔයාව එපා කරවන එක..එයාලගේ හිතේ ඔයා ගැන තරහක් වෛරයක් ඇති කරවන්න වැඩ කරන්නෙ ඔන්න ඔය කලින් කියපු වගේ කෙටවීම කියන ක්‍රම මඟින්..

ඉතින් ඔන්න ඔය වගේ උග්‍ර විෂ සහිත කුහක මිනිස්සු සමාජයේ ඉන්නවා.

ඒ නිසා කෙනෙක් අරම කිව්වා ඔයා ගැන මෙහෙම කිව්වා කියලා කියද්දි තරහ ගන්න කේන්ති ගන්න යන්න එපා කිසිම වෙලාවක.මොකද ඇත්තටම ඒ කෙනා මොකුත් නොකියා වෙන්න පුලුවන්.ඒ කෙනා ඔයා එක්ක තියෙන විශ්වාසනීයත්වය බිඳවන්න ඔය කතාව කියපු මනුස්සයා ගොතපු දෙයක් වෙන්න පුලුවන්..

සෑමවිටම බුද්ධිමත් වෙන්න..සමාජයේ ජීවත්වෙන්න පහසුයි මිනිස්සුන්ගෙ හැසිරීම් තේරුම් ගත්තම..ඉතින් පුලුවන් තරම් අර වගේ විෂ සහිත මිනිස්සුන්ගෙන් ඈත්වෙලා ඉන්න බලන්න.. 😌✌️

සටහන -- සුභානි ඒකනායක

සත්‍යය යටපත් කළ නොහැක ✊
25/06/2024

සත්‍යය යටපත් කළ නොහැක ✊

එහෙම අදහසක් තියෙනම්  කරුණාකරලා මට අඟවන්න.. 😌 මොකද හිතේ තියන් හිටියා කියලා මං දන්නෙ නෑනේ 😏
12/06/2024

එහෙම අදහසක් තියෙනම් කරුණාකරලා මට අඟවන්න.. 😌 මොකද හිතේ තියන් හිටියා කියලා මං දන්නෙ නෑනේ 😏

බටහිර සුපිරිය සහ ලංකාව 😌බාගේට හෙළුවෙන් යන අය, ඒවට උඩගෙඩි දෙන අය ඒ කිව්වෙ "ඒක විලාසිතාව මුන් ලිං මැඩියො,බටහිර රටවල ඕන තරම...
19/04/2024

බටහිර සුපිරිය සහ ලංකාව 😌

බාගේට හෙළුවෙන් යන අය, ඒවට උඩගෙඩි දෙන අය
ඒ කිව්වෙ

"ඒක විලාසිතාව මුන් ලිං මැඩියො,බටහිර රටවල ඕන තරම් ඒ වගේ අඳින අය ඉන්නෙ" කියන අය,

"ඔයාට ආස හැමදේම ඔයා කරන්න ඕන" කියන අය ඉන්නවා නේද
ඒවට ඔයාව පොළඹවන අය ඉන්නවා නේද ඕනතරම් 😌

ඕනම කෙනෙක් පවුලක් සාර්ථක වෙන්න නම් ස්වයං විනයක් කියන දේ තියෙන්න ඕන.තමන්ට හිතෙන හිතෙන දේ කරන අය, කරන්න ඕන කියලා තර්ක කරන අයට කවදාවත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න බැහැ..

මමත්වය කියන සංකල්පය ගැන වැඩිපුර කතා කරන අයගේ පවුල් ජීවිතය කියන දේ සාර්ථකයිද?? නැහැ..බොරුවට ලෝකෙට පේන්න පවුල් ජීවිත ගෙවන අය එයාලා..

එයාලා කවදාවත් කතා කරනවද??
"බටහිර රටවල අනියම් සම්බන්ධතා වගේම ඒ නිසාවෙන්ම සිදුවන ඩිවෝස් වීම් ඉතා ඉහලයි කියලා.."
බටහිර කන්සෙප්ට් එකේ හෙළුව සුපිරියි කියන අයගෙන් අහන්නෙ... ඒවත් සුපිරියිද?? 🤷‍♀🤷

අනියම් සම්බන්ධතා වගේම හෙළුව පිවිතුරුයි කියන වර්තමාන රැඩිකල් සහ මොඩන් කියාගන්නා සමාජයක මෙහෙම වෙන එක අහන්න දෙයක් නෙවේ.
බටහිර මානසිකත්වය ප්‍රමෝට් කරද්දි දැන ගන්න ඕන,ඒ බටහිර මානසිකත්වයෙ අනිටු ප්‍රතිඵලත් තියෙනවා කියලා 😌

බටහිරින් ඉගෙන ගන්න
👉හරියට පිළිවෙලට බිස්නස් එකක් කරද්දි කැපවෙන හැටි.
👉අයිස් නොගහා තමන්ගෙ ජොබ් එක කරන හැටි..
👉තවත් මනුස්සයෙක් දියුණු වෙද්දි කකුලින් අදින්නෙ නැතුව ඉන්න හැටි

හොඳ දේවල් විතරක් ගන්න නරක දේ ගන්න එපා කිසිම තැනකින්



සටහන -- රනීෂා තිලකරත්න

Picture credits should go to the respective owner

මේ අලුත් අවුරුද්දෙවත් හැදියල්ලා..උඹලා හැදුනම රටත් හැදෙයි 🙃
10/04/2024

මේ අලුත් අවුරුද්දෙවත් හැදියල්ලා..
උඹලා හැදුනම රටත් හැදෙයි 🙃

Address

Singapore

Website

Alerts

Be the first to know and let us send you an email when ජීවිතය - the LIFE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share