02/12/2026
අනුන්ට පේන්න කාලා අන්තිමට හිඟන්නෙක් වෙයිද? | Akki's Advice | How To Stop Living On Debt?
"අල්ලපු ගෙදර ඇන්ටි මොනවා හිතයිද?" කියලා හිත හිත, නැති සල්ලි වියදම් කරලා wedding ගන්නවද? අතේ සතේ නැති උනත් ලෝකෙට පේන්න ෆෝන් මාරු කරනවද? මේ ප්‍රශ්න ඔබට විතරක් තියෙන දේවල් නෙවෙයි. මේක ලංකාවේ අපි හැමෝම අහුවෙලා ඉන්න "Toxic" සංස්කෘතික උගුලක්.
අනුන්ට පේන්න ජීවත් වෙන එක නවත්තන්න නම් අපි දැනගත යුතු දේවල්:
👉 සමාජ පීඩනය හඳුනා ගැනීම: "අපෝ එයාට වාහනයක්වත් නෑනේ" කියන අය ගැන හිතන එක නවත්තන්නේ කොහොමද?
👉 වියදම් පාලනය: පෙනුමට වියදම් කරන සල්ලි ආයෝජනය කරන්නේ කොහොමද?
👉 Gen Z Mindset: අපිට ඕන ලොකු ගෙවල් ද? නැත්නම් නිදහසද?
👉 ණය උගුලෙන් ගැලවීම: ක්‍රෙඩිට් කාඩ් එකට හිර නොවී ඉන්න හැටි.
💬 LET'S TALK: මේ වීඩියෝ එක බැලුවට පස්සේ, ඇත්තටම ඔයාටත් හිතුනද "අපරාදේ මම අර වැඩේට අනුන්ට පේන්න සල්ලි වියදම් කරේ" කියලා? ලැජ්ජා වෙන්න එපා, ඔයාගේ අත්දැකීම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ බෙදාගන්න. මොකද ඔයාගේ කතාව තව කෙනෙක්ගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්.