Taste Trail

Taste Trail Funny things

09/08/2025

පොඩි බඩගින්නට හදල බලන්න😍 #

දැක්කත් කෙල උනන පින්තූරු 😋😋
09/07/2025

දැක්කත් කෙල උනන පින්තූරු 😋😋

දැඩි ලෙස බඩ ඇවිස්සෙන සුළුයි 🤤__________                                                       🇱🇰
09/06/2025

දැඩි ලෙස බඩ ඇවිස්සෙන සුළුයි 🤤

__________







🇱🇰

09/04/2025

Ramen noodles රාමේන් හදමුද 🤤🤤😘🫣

දකිද්දිත් බඩගිනි වෙලා හක්ක පනින සුළුයි 🤤                                                       🇱🇰
09/04/2025

දකිද්දිත් බඩගිනි වෙලා හක්ක පනින සුළුයි 🤤







🇱🇰

රෝග රැසකට ගුණදෙන විශ්මිත ගුණ දෙන මාදං ගැන ඔබ පුදුම හිතෙන විස්තරේ මෙන්න.... ඔබත් කියවා තව කෙනෙකුට දැනුවත් වෙන්න Share කරග...
09/03/2025

රෝග රැසකට ගුණදෙන විශ්මිත ගුණ දෙන මාදං ගැන ඔබ පුදුම හිතෙන විස්තරේ මෙන්න.... ඔබත් කියවා තව කෙනෙකුට දැනුවත් වෙන්න Share කරගෙන යන්න අමතක කරන්න එපා 😍❤️🥰

🫐මාදං කියන්නෙ අපි ගොඩක් දෙනෙක් ආස කරන පලතුරක්. ඒත් බහුලව භාවිත කළ පලතුරක් නෙවෙයි.

🫐සංස්කෘත භාෂාවට අනුව ජම්බු යන නමින් හඳුන්වන මාදං මහා ඵල කියලත් හඳුන්වනවා. මාදං කොළ හරිම සුවඳයි. මේ ශාකයට සුරභි පත්‍ර කියන්නේ ඒ නිසයි.

🫐ආයුර්වේදයට අනුව ඔසු ගුණයෙනුත් බහුල මෙම පලතුර මනස ප්‍රබෝධවත් කරවන ඔසුවක්. ශක්තිමත් පොත්තක් සහිත විශාල ගස්වල සෑදෙන නිසා මෙම පලතුර මහා ස්කන්ධ කියලත් හඳුන්වනවා. අඩි තිහක් විතර උසට වැඩෙන මාදං ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව වගේ රටවල දැකගන්න පුළුවන්.

🫐ඉන්දියාවට අදටත් ජම්බුද්වීපය කියන්න හේතුව; ජම්බු නැතිනම් මාදං බහුලව එම රටේ පැවැතුණු නිසා. මාදං ගෙඩිය අමුවෙන් කොළ පාටයි.

🫐ඉදුණු ගෙඩි තද දම් පාටයි. ඖෂධ පිණිස මාදං ගෙඩි, ඇට, කොළ, පොතු යන ජාති හතරම ගන්නවා. ආයුර්වේද වෙදකමේ වගේම යුනානි වෙදකමේත් මාදං ඔසු පිණිස ගන්නවා. Syzygiumcumin නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මාදං අයත් වන්නේ Myrtaceae කුලයට.

🫐මහා භාරතයේ සහ රාමායණය යන පුරාවෘත්තවලත් මාදං ගැන සඳහන්. රාමායණයට අනුව රාමා බහුලවම ආහාරයට ගත්ත පලතුරක් ලෙසත් මාදං ප්‍රචලිතය. රාම කුමරු වනගත වෙලා සිටි වසර 14දී මාදං පලතුරක් ලෙස ගත් නිසාම මෙය දෙවියන්ගේ පලතුරක් ලෙසත් සඳහන්.

🫐ආයුර්වේදයේ පංච පල්ලව නමින් කොළ පස් වර්ගයක් පවතිනවා. ඒ අතරට මාදං කොළත් අන්තර්ගතයි. ඉස්සර කාලේ බබාල හම්බවෙන ගෘහවලට මාදං කොළවල දුම අල්ලා තිබෙන්නේ මෙම ශාක පත්‍රවල පැවැති විසබීජ නාශනය වීමේ ඇති ගුණය නිසාමයි. අදටත් ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රදේශවල උත්සවවලදී මාදං කොළ එල්ලනවා.

🫐ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් ආකාරයට විසබීජහරණයට සුදුසුම ඔසුවක් තමයි මාදං කියන්නේ. මාදං වර්ග දෙකක් තිබෙනවා. එකක් මදය සුදු පාට එක. අනෙක මදය ටිකක් රෝස දම් පාටට හුරු එක.

🫐මදය රෝස දං එකේ ඔසු ගුණය වැඩියි. පැණි රස සහ කසට රස තිබෙන මෙම පලතුරේ විටමින් සී, ප්‍රෝටීන්, යකඩ, මැග්නීසියම්, ඛනිජ ලවණ වගේ පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගතයි.

🫐මාදං පලතුර යුෂ පානය කිරීමෙන් මුත්‍රා රෝග නැතිකර ගන්නත් පුළුවන්.

🫐හෘද රෝග, සන්ධි රෝග, ඇදුම, අජීර්ණ, බඩ පිපුම තිබෙන අයටත් මෙය අගනා පලතුරක්. මාදං පලතුර ඇට, කොළ, පොතුවල විවිධ ශාක රසායනික සංඝටක අඩංගුයි.

🫐ඇල්කොලෙයිඩ් සංයෝගය මේ ශාකයේ බහුලයි. ඒ නිසයි ගෙඩි, ඇට, පොතු දියවැඩියා රෝගයට ප්‍රතිකාරයක් වන්නේ. අපට පුළුවන් දියවැඩියා රෝගීන්ට මාදං පොතු තම්බා පානයක් දෙන්න.

🫐මාදං ඇට කබලෙ බැද කෝපි වගේ දෙන්න. මේ පලතුරේ ඇන්ටි ඔක්සිජන් ඉතාම බහුලයි. ප්‍රති ඔක්සිකාරක ගුණය වැඩි නිසාම ශරීරයේ මුක්ක ඛණ්ඩ සෑදීමත් වළක්වනවා. ඒ තත්ත්වය නිසා පිළිකාව, හෘදයාබාධ වගේ රෝග තත්ත්ව ඇති වීමත් වළක්වනවා.

🫐මේ පලතුර ආහාරයට ගැනීම නිසා මුඛයේ විවිධාකාර අනවශ්‍ය බැක්ටීරියා ඉවත් කර දත් දිරායෑම වළක්වනවා. විදුරුමසින් ලේ ගැලීමේ තත්ත්වයත් වළක්වනවා. මේ පලතුරේ විටමින් C ඉතාම බහුලයි. පෙණහලු රෝග සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස වළක්වනවා. විටමින් C බහුල තත්ත්වය සමටත් හොඳයි.

🫐දිදුලන සමකට උරුමකම් කියන්නත් කදිමයි. මේ පලතුරේ කැලරි ප්‍රමාණය අඩු නිසා දියවැඩියා රෝගීන්ට මෙය කදිමයි. තවත් දෙයක් තමයි

🫐සමහර කාන්තාවන්ට අධික ආර්ථවය ඇති වෙනවා. එවැනි කාන්තාවන්ට මාදං පලතුරක් ලෙස හෝ පොතු තැම්බූ වතුර පානයට දෙන්න. අධික රුධිර බැහැරවන ආර්ථවවලටත් මුඛයේ රුධිර ගැලීම්වලදීත් කට සෝදන්න.

🫐අද ගොඩක් තරුණ කතුන්ගේ ගර්භාශයේ ඩිම්බකෝෂවල චූටි ගෙඩි හට ගන්නවා. මේ නිසා බොහෝ කතුන් වඳවීමේ අවදානමක් තිබෙනවා.

🫐අසාමාන්‍ය ලෙස වඳවෙනවා. හෝර්මෝන ගැටලු එනවා. මෙවන් තත්ත්වල දී කදිමට ගැළපෙන ඖෂධයක් තමයි මාදං. වෙළෙඳපොළේ තිබෙන පුෂපානුග චූර්ණය මෙයට නිර්දේශ කරන්නට පුළුවන් ඔසුවක්. ආයුර්වේදයේ අපි මෙම ඖෂධය බහුලව භාවිත කරනවා.

🫐සමහර අවස්ථාවල බොහෝ දෙනකුගේ හිසේ විවිධාකාර පුස් රෝග, දිලීර ආසාදන හට ගන්න පුළුවන්. අකලට හිසකෙස් වැටීම, හිස කැසීම ඒවාගේ රෝග ලක්ෂණ. එවිට ඔබ කළ යුත්තේ මාදං ගෙඩිවල ඉස්ම හිසේ ආලේප කිරීම.

🫐එහෙමත් නැතිනම් පොතු තැම්බූ වතුරෙන් ඔළුව සෝදන්න. ශ්‍රමකර හෙවත් …….. කරවන ඔසුවක් වන මාදං ගර්භණී කාන්තාවන්ගේ වමනය තත්ත්ව නැති කිරීමටත් ගුණදායක බව ආයුර්වේදයේ සඳහන්.

🫐බොහෝ දෙනකුට හිසරදයක් තමයි කයේ හටගත් තුවාල. එවන් තුවාල ඉක්මනින් සුවපත් කරගන්න ඔබ කළ යුත්තේ මාදං පොතු චූර්ණය තුවාලවල ගැල්වීම පමණයි.

🫐ආයුර්වේදයට අනුව ලවංග කුලයට අයත් මාදං අක්මා රෝග සුවයටත් ඉතාම කදිමයි.

🫐මම විශේෂයෙන්ම කියන්නම් මෙයින් පලතුරු බීමක් සාදන හැටි. මාදං ග්‍රෑම් 100ක් අරගෙන ඇට ඉවත්කර මද අරන් ඒකට වතුර කෝප්ප එකක් විතර දාලා මී පැණි ස්වල්පයක්, ඉඟුරු ටිකක්, ගම්මිරිස් ස්වල්පයක් මිශ්‍ර කරගෙන බ්ලෙන්ඩර් කරගෙන පානය කරන්න. මෙයට මී පැණි දානව නම් ඔසු ගුණ වැඩියි. දියවැඩියා රෝගී අයකු නම් මී පැණි, සීනි නොදමා මේ පානය ගන්න.

🫐මෙම ඖෂධීය පානය ගැනීමෙන් අක්මාව මුල්ම තත්ත්වයට ගන්න ඔබට පුළුවන් වේවි.

මව්බිම පුවත්පත ( උපුටාගැනීමකි )
සමිත් මධුරංග

09/02/2025

මසාලා පාන් කොත්තු😍🤤

අතිශයින්ම කජු ලෝලීන්ට පමණි 🥵😁
09/02/2025

අතිශයින්ම කජු ලෝලීන්ට පමණි 🥵😁

දැඩි ලෙස බඩ ඇවිස්සෙන සුළුයි 🤤
09/01/2025

දැඩි ලෙස බඩ ඇවිස්සෙන සුළුයි 🤤

පිළිකා සෛල නසන රදලිය ☘️🍀🌿දේශීයව එකම උද්භිද ගණයට අයත් රදලිය නමින් හඳුන්වන ශාක විශේෂ දෙකක් හඳුනාගෙන ඇත. එයින් Connarus cha...
08/29/2025

පිළිකා සෛල නසන රදලිය ☘️🍀🌿

දේශීයව එකම උද්භිද ගණයට අයත් රදලිය නමින් හඳුන්වන ශාක විශේෂ දෙකක් හඳුනාගෙන ඇත. එයින් Connarus championii නම් ශාකය අප රටට ආවේනික වන අතර එය රතු දත්ත පොතහි වඳවීයෑමේ තර්ජනයට ලක්විය හැකි ශාක යටතේ වර්ගීකරණය කර ඇත. ඖෂධ සඳහා භාවිතා කරන බවට තොරතුරු සඳහන් වන Connarus monocarpus නම් අනෙක් රදලිය විශේෂය රතු දත්ත පොතට අනුව අඩු තැකීමක් දක්වන ශාකයක් ලෙස නම් කර ඇති අතර ඉදිරියේදී කරුණු දක්වනුයේ එම ශාකය ගැනයි..

රදලිය කාෂ්ඨීය බහු වාර්ෂික වැල් ශාකයකි. කඳෙහි විල්ලුද ආකාරයේ සියුම් බූවක් පිහිටයි. පත්‍රිකා 3-7 අතර සංඛාවකින් යුත් සංයුක්ත පත්‍ර එ්කාන්තරව පිහිටයි. ශාඛාවන්ගේ අශ්‍රස්ථයන්ගෙන් හට ගන්නා පුෂ්ප මංජරියෙහි සුදු පැහැති කුඩා මල් රාශියකි. කහ පැහැයට හුරු කොළ පැහැයකින් යුත් කරලෙහි දිළිසෙන සුලු කළු දුඹුරු පැහැති එක් බීජයක් පිහිටයි. මෙම කරල් මේරීමත් සමඟ දීප්තිමත් රතු පැහැයකට හැරෙයි. රදලිය Connaraceae කුලයට අයත් ශාක විශේෂකි.

රදලිය පොතු සහ මුල් සාරයේ අඩංගු ප්‍රධාන රසායන ද්‍රව්‍ය හතරක් පිළිකා සෛල නසන ගුණ දරයි. දේශීය වෙදකමේ දී එම සාරය විසප්පු සහ අර්ශස් ගෙඩි සුව කිරීමට භාවිත වේ. මුලෙන් නිස්සාරණය කරන තෙල් ඉදිමුම් අවස්ථාවල දී ප්‍රතිකාර ලෙස යොදා ගැනේ. මුල් හා පොතු කෂාය සිපිලිස් නම් සමාජ රෝගය මර්දනය සඳහා භාවිත කෙරේ. එම කෂාය මැලේරියාව සඳහා ද හොඳ ඔසුවකි. අධික ලෙස සිදුවන මාස් ශුද්ධිය පාලනය කිරීමට මුල්, පොතු හා කොළ කෂාය යොදා ගනී. දත් සෙලවීම සහ මුඛ දුර්ගන්ධයට ප්‍රතිකාර කිරීමට හොඳින් මේරූ රදලිය මුල් භාවිතා කරයි. කුඩා පිරිමි දරුවන්ගේ පියයුරු ඉදිරියට නෙරා ඒම වැලැක්වීමට දරලිය ගෙඩිය කැඩූ පසු වෑස්සෙන කිරි යොදා ගනී. දේශීය කැඩුම් බිඳුම් වෙදකමේදී සන්ධානීය පත්තු සඳහා රදලිය පොතු සුලබව යොදා ගනී. රදලිය යන්නෙහි තේරුම රාජකීය කාන්තාව යන්නයි. එහෙත් ඇතැම් පොතක එය රදාලිය යනුවෙන් හැඳින්වේ. එවිට එයින් වෙනත් තේරුමක් හැඟෙන බැවින් ඒ යෙදුම දෝෂ සහගතය.

මූලාශ්‍ර_ Dewage Don Priyantha Kumara මහතාගේ ලිපියක් ඇසුරින් සහ අන්තර්ජාලයෙන්

උපුටා ගැනීමකි 🙏

අපේ දේ🇱🇰
08/28/2025

අපේ දේ🇱🇰

Address

Austin
Texas City, TX

Website

Alerts

Be the first to know and let us send you an email when Taste Trail posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category