Asipatha

Asipatha දැන්ම ලයික් කරලා එකතුවෙන්න

09/27/2026
විනාඩි 74ක ආයු කාලයක්, ලෝකයටම ඉතිරි කළ ජීවිත ගණනක්බ්‍රිතාන්‍යයේ ලාබාලතම "ප්‍රාතිහාර්යය"මවක් වීමේ අපේක්ෂාවෙන් පසුවන ඕනෑම ...
09/25/2026

විනාඩි 74ක ආයු කාලයක්, ලෝකයටම ඉතිරි කළ ජීවිත ගණනක්

බ්‍රිතාන්‍යයේ ලාබාලතම "ප්‍රාතිහාර්යය"මවක් වීමේ අපේක්ෂාවෙන් පසුවන ඕනෑම කාන්තාවකගේ ජීවිතයේ සතුටුම මොහොත වන්නේ අලුත් සාමාජිකයෙක් පිළිගැනීමට ලැබෙන පරීක්ෂණ වාර්තා දකින මොහොතයි. නමුත් එමා සහ ඩෲ දම්පළ යුවළට සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂාවකදී අසන්නට ලැබුණේ හද කම්පා කරවන පුවතකි. ගර්භනී සමයේ 13 වන සතියේදී අනාවරණය වූයේ ඔවුන්ගේ කුසේ වැඩෙන පුංචි දියණියගේ මොළය සහ හිස්කබල නිසි ලෙස වැදී නැති බවයි (Anencephaly නම් දුර්ලභ තත්ත්වය).

වෛද්‍යවරුන් පැවසූ පරිදි, මෙ උපදින දරුවන්ට වැඩිවේලාවක් ජීවත් වීමට හැකියාවක් නැත.ගර්භභය අවසන් කිරීමට (ගබ්සා කිරීමට) වෛද්‍යවරුන් උපදෙස් දුන්නද, එමා සහ ඩෲ ඊට එකඟ වූයේ නැත. ඔවුන් තීරණය කළේ තම දියණියට මෙලොව එළිය දකින්නට ඉඩ හැරීමටයි. ඒ, ඇගේ ඒ පුංචි ජීවිතයෙන් වෙනත් අසරණ දරුවන්ට හෝ මිනිසුන්ට ජීවිතයක් ලබා දිය හැකි නම්, එයම ලොකුම භාග්‍යයක් යැයි සිතමින්ය.

මාස ගණනාවක් වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කරමින්, දැඩි කැපකිරීමකින් ඔවුන් එම තීරණය වෙනුවෙන් පෙනී සිටියහ. 2015 නොවැම්බර් 24 වන දින එමා විසින් නිවුන් දරුවන් යුගලයක් ප්‍රසූත කළාය. නිරෝගී පුංචි පුතෙක් (ජොෂ්) මෙන්ම, අර මහා බලාපොරොත්තුව උකුළට ගත් ඒ පුංචි දෝණිය 'හෝප් එලිසබෙත්' (Hope Elizabeth - බලාපොරොත්තුව) ලෙස නම් කෙරිණි.ඇය මෙලොව එළිය දුටුවේ

"මගේ අතින් අල්ලන්න... මාව සිපගන්න... මට ආදරය කරන්න මට තියෙන්නේ පුංචි වෙලාවයි..."කියන්නාක් මෙනි. ඇය ජීවත් වූයේ සම්පූර්ණ මිනිත්තු 74ක් පමණි. මව්පියන් සහ පවුලේ අය නිහඬව, කඳුළු සඟවා ගනිමින් ඒ පුංචි මොහොත පුරාම ඇයට ආදරය දුන්හ. නමුත් ඇය මෙලොව හැර ගියත්, වෛද්‍යවරුන්ගේ කඩිනම් මැදිහත්වීමෙන් ඇගේ කුඩා වකුගඩු සහ අක්මා සෛල පරිත්‍යාග කිරීමට හැකි විය. අන්තිමට, බ්‍රිතාන්‍යයේ සිටි බරපතල ලෙස අසනීප වූ වැඩිහිටියෙකුගේ සහ තවත් අසරණ ජීවිතයක බලාපොරොත්තුවලට ජීවය දෙන්නට ඒ පුංචි දෝණිගේ අවයව සමත් විය.

ඉපදුණු වහාම බිළිඳුන්ගෙන් අවයව ලබාගැනීම අතිශයින් දුර්ලභ හා අපහසු කරුණකි. එබැවින්, විනාඩි 74ක ආයු කාලයක් හිමි වූ හෝප් එලිසබෙත්, බ්‍රිතාන්‍යයේ මෙතෙක් බිහි වූ ලාබාලතම අවයව දායිකාව ලෙස ඉතිහාසයට එක්විය. ඇය මිය ගියද, ඇගේ නම සහ ඇය කළ ඒ අමරණීය පරිත්‍යාගය ලෝකවාසී දහස් සංඛ්‍යාත පිරිසකට අවයව දානය පිළිබඳ අලුත් දැනුවත්කිරීමක් සහ ආස්වාදයක් ලබා දුන්නේය."අපේ දුව ජීවත් වුණේ විනාඩි 74ක් පමණයි.

ඒත් සමහර අය මුළු ජීවිත කාලයකදීවත් නොකරන තරම් විශිෂ්ට මෙහෙවරක් ඇය ඒ පුංචි වෙලාව ඇතුළේ කළා,"යැයි ඇගේ පියා ආඩම්බරයෙන් පැවසීය.මරණය පරාජය කරමින්, තවත් ජීවිත ගණනකට හුස්ම ලබා දුන් ඒ පුංචි 'හෝප්' (බලාපොරොත්තුව), අදටත් ලෝකයේ ගැඹුරුම ආදරයේ සහ පරිත්‍යාගයේ සංකේතයක් වී හමාරය. ♥️

🚨 දරුවන් පස්දෙනෙකුගේ අම්මා කෙනෙක්… අනේ මේ පණිවිඩය නොදැක්කා සේ ඉන්න එපා 💔සෙව්වන්දි නම් මෙම කාන්තාව සැප්තැම්බර් 13 වැනිදා ...
09/25/2026

🚨 දරුවන් පස්දෙනෙකුගේ අම්මා කෙනෙක්… අනේ මේ පණිවිඩය නොදැක්කා සේ ඉන්න එපා 💔

සෙව්වන්දි නම් මෙම කාන්තාව සැප්තැම්බර් 13 වැනිදා කටුනායක ගුවන් තොටුපළ ප්‍රදේශයේ සිට 18 කණුව දෙසට පයින් ගමන් කර ඇති බවට තොරතුරු තිබේ.

ඇය බිංගිරිය – වීරපොකුණ ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන් වේ.

එදින ඇයව කටුනායක ගුවන් තොටුපළේ සිට 18 කණුව දෙසට යන අතරතුරදී හෝ ඒ අවට ප්‍රදේශයකදී දැක ඇති කෙනෙක් සිටිනවා නම්, ත්‍රීරෝද රථයකදී, බස් රථයකදී, වෙළඳසැලකදී හෝ වෙනත් ඕනෑම ස්ථානයකදී දැක තිබේ නම් කරුණාකර මෙම පෝස්ට් එකට කමෙන්ට් එකක් දමන්න.

තොරතුරක් ඇති අයෙකුට:
076 385 7323

මෙම අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමු.

දරුවන් පස්දෙනෙක් තමන්ගේ අම්මා නැවත දකින්න බලාගෙන ඇති… 💔

ඔබට මෙම පෝස්ට් එකෙන් කිසිදු ප්‍රයෝජනයක් නැති වුණත්, ඔබගේ එක SHARE එකකින් මේ පණිවිඩය ඇයව දුටු කෙනෙකු වෙත ළඟා විය හැකියි.

අනේ අහක දාන්න එපා.
පුළුවන් නම් මේ පෝස්ට් එක SHARE කරන්න.
ඔබ දැක තිබුණේ නම් හෝ කිසියම් තොරතුරක් දන්නවා නම් කරුණාකර කමෙන්ට් කරන්න හෝ ඉහත දුරකථන අංකයට දැනුම් දෙන්න.

දරුවන් වෙනුවෙන්… මේ අම්මාව සොයාගන්න අපි හැමෝම එකතු වෙමු. 🙏❤️
උපුටා-ගැනීම මුහුණු පොතෙන්

゚

ඉන්දීය බලකොටුව බිඳ හෙළා ශ්‍රී ලංකාවට ලෝක කැරම් කිරුළ ගෙනා නිහඬ වීරයා නිශාන්ත ප්‍රනාන්දුක්‍රිකට් ලෝක කුසලානයක් දිනූ විට ම...
09/24/2026

ඉන්දීය බලකොටුව බිඳ හෙළා ශ්‍රී ලංකාවට ලෝක කැරම් කිරුළ ගෙනා නිහඬ වීරයා නිශාන්ත ප්‍රනාන්දු

ක්‍රිකට් ලෝක කුසලානයක් දිනූ විට මුළු රටම එකම සැණකෙළියක් බවට පත්වන පසුබිමක, ලෝකයේ ප්‍රබලතම ඉන්දීය බලකොටුව බිඳ දමමින් ශ්‍රී ලංකාවට තනි පුද්ගල ලෝක ශූරතාවයක් දිනාදුන් අසහාය ශ්‍රී ලාංකික ක්‍රීඩකයා පිළිබඳව අද අපේ රටේ මතකයේ තිබෙන්නේ කීයෙන් කීදෙනාටද?

ලෝක කැරම් පිටියේ දශක ගණනාවක් පුරා පැවති ඉන්දියානු අසහාය ආධිපත්‍යය මුළුමනින්ම උඩුයටිකුරු කරමින්, 2012 වසරේ කොළඹ ගලදාරී හෝටල් පරිශ්‍රයේ පැවති 6 වැනි ලෝක කැරම් ශූරතාවලියේ (6th World Carrom Championship) පිරිමි කේවල අවසන් මහා තරගයේදී ප්‍රබල ඉන්දීය ශූර සී. භාරතිදාසන් ලකුණු 25-4ක් සහ 25-10ක් ලෙස සෘජු වට දෙකකින් පරාජය කරමින් ලෝක කැරම් කිරුළ අපේ මව්බිමට රැගෙන ආවේ වන්නකුවත්ත වඩුගේ දිනේෂ් නිශාන්ත ප්‍රනාන්දු මහතායි.

1973 දී බිලියඩ් පිටියේ එම්. ජේ. එම්. ලෆීර් මහතා තැබූ ඓතිහාසික වාර්තාවෙන් පසු ශ්‍රී ලංකාවට තනි පුද්ගල ඉසව්වකින් ලෝක කිරුළක් දිනාදුන් දෙවැනි ක්‍රීඩකයා මෙන්ම, ඉතිහාසයේ ලෝක කැරම් ශූරතාවක් දිනාගත් පළමු සහ එකම ශ්‍රී ලාංකිකයා වන්නේද ඔහුය. ඊට අමතරව 2016 වසරේ එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවති 7 වැනි ලෝක කැරම් ශූරතාවලියේදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ලෝක ශූරයන් බවට පත්වෙද්දීත්, 2022 වසරේ මැලේසියාවේ පැවති 8 වැනි ලෝක ශූරතාවලියේදී ලෝකඩ පදක්කම දිනාගනිද්දීත් ඔහු දැක්වූ නායකත්වය සහ දායකත්වය අතිවිශිෂ්ටයි.

කෝටි ගණනක අනුග්‍රාහකත්වයන් හෝ මාධ්‍ය ආවරණ නොමැතිව, මූල්‍යමය දුෂ්කරතා රැසක් මධ්‍යයේ වුවද රට වෙනුවෙන් නිහඬව සටන් වැදුණු මෙවන් අසමසම විරුවන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ අමතක වී යාම සැබැවින්ම කණගාටුදායක තත්ත්වයකි. ප්‍රසිද්ධිය හඹා නොගියද රටට සැබෑ ලෝක ගෞරවයක් අත්කර දුන් මෙවැනි දැවැන්ත ක්‍රීඩකයින්ට ජාතියක් ලෙස අප නිසි ඇගයීම, අනුග්‍රහය සහ රාජ්‍ය ගෞරවය අඛණ්ඩව ලබාදීම අත්‍යවශ්‍ය වේ.

ක්‍රිකට් නොවන සැඟවුණු ක්‍රීඩා තාරකා ඇගයීමට සුදුසුම ක්‍රමවේද මොනවාද?
ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් සියලු සම්පත් සහ අවධානය කේන්ද්‍රගත වන පසුබිමක, මෙවැනි ජාත්‍යන්තර ජයග්‍රහණ ලැබූ ක්‍රීඩකයින් ඇගයීමට සහ නංවාලීමට පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකිය:

ජාතික ක්‍රීඩා විශ්‍රාම වැටුප් හා රක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කිරීම
තනි පුද්ගල ලෝක ශූරතා සහ ආසියානු පදක්කම් දිනන ක්‍රීඩකයින් වෙනුවෙන් ජීවිතාන්තය දක්වා ස්ථිර රාජ්‍ය ගෞරව සම්මාන සහ මූල්‍යමය රැකවරණයක් සපයන ජාතික අරමුදලක් පිහිටුවීම.

ක්‍රීඩා අමාත්‍යාංශය හරහා ආයතනික අනුග්‍රාහකත්වයන් (Corporate Sponsorships) ලබා ගැනීමේදී ක්‍රිකට් මෙන්ම කැරම්, බිලියඩ්, මලල ක්‍රීඩා වැනි අනෙකුත් ක්‍රීඩාවන්ටද ස්ථිර ප්‍රතිශතයක් වෙන්කිරීම අනිවාර්ය කිරීම.

ජාතික රූපවාහිනී සහ ප්‍රධාන මාධ්‍ය ජාල හරහා මෙවැනි අනෙකුත් ක්‍රීඩාවල ලෝක මට්ටමේ ජයග්‍රහණ පිළිබඳ විශේෂ වාර්තා වැඩසටහන් සහ පූර්ව ප්‍රචාරණ අනිවාර්ය කිරීම.

මෙවැනි ලෝක ශූරයන්ගේ නාමයන් පාසල් පෙළපොත් සහ ක්‍රීඩා ඉතිහාසයට ඇතුළත් කරමින්, ඔවුන්ගේ අත්දැකීම් නවක ක්‍රීඩකයින්ට ලබාදීමට අවස්ථාව සැලසීම.

“ඔයාට ගෙයක් තියෙනවද?”ඇය ඒ ප්‍රශ්නය අහපු වෙලාවේ මම ටිකක් හිනා වුණා.අපි දෙන්නා හමුවෙලා තිබුණේ මාස හතරක් විතර.ඇයගේ නම නිසංස...
09/24/2026

“ඔයාට ගෙයක් තියෙනවද?”

ඇය ඒ ප්‍රශ්නය අහපු වෙලාවේ මම ටිකක් හිනා වුණා.

අපි දෙන්නා හමුවෙලා තිබුණේ මාස හතරක් විතර.

ඇයගේ නම නිසංසලා.

මම private company එකක accountant කෙනෙක්.

ඇය bank එකක වැඩ කළා.

අපි මුලින්ම හමුවුණේ මගේ යාළුවෙක්ගේ wedding එකකදී.

මුලින්ම ඇය ගැන මට කැමති වුණේ ඇගේ ලස්සනට නෙවෙයි.

ඇය කතා කරන විදිහට.

මිනිස්සු ගැන ගරුත්වයෙන් කතා කරන විදිහට.

පුංචි දේවල්වලින් සතුටු වෙන විදිහට.

ඒ නිසාම මාස හතරක් ඇතුළත මට හිතුණා,

“මේ තමයි මට ජීවිතේ ඉතුරු ටික යන්න පුළුවන් කෙනා.”

දවසක් අපි දෙන්නා coffee එකක් බොන්න ගිහින් ඉන්න වෙලාවේ ඇය එකපාරටම ඇහුවා,

“ඔයාට ගෙයක් තියෙනවද?”

“නෑ.”

මම කෙලින්ම කිව්වා.

“කාර් එක?”

“තියෙනවා. හැබැයි loan එකක්.”

ඇය ටිකක් නිහඬ වුණා.

“ඉතින් ඔයාගේ salary එක කීයද?”

මම ඒකත් කිව්වා.

ඇය coffee cup එක දිහා බලන් හිටියා.

“ඒකෙන් ගෙයක් ගන්න පුළුවන්ද?”

මම හිනා වුණා.

“දැන් නම් බෑ. තව අවුරුදු පහක් දහයක් මහන්සි වෙන්න වෙයි.”

ඇය මගේ දිහා බැලුවා.

“එතකොට මාව කසාද බැඳලා කොහෙද ඉන්නේ?”

“දැනට rent එකකට ඉමු. දෙන්නාම වැඩ කරලා ටික ටික save කරමු. පස්සේ අපිට පුළුවන් ගෙයක් ගන්න.”

මම හිතුවේ ඇය ඒකට සතුටු වෙයි කියලා.

ඒත් ඇය කිව්වේ,

“මට නම් rent ගෙව ගෙව ජීවත් වෙන්න බෑ.”

මගේ හිත ටිකක් නතර වුණා.

“ඇයි?”

“මගේ office එකේ හැමෝටම තමන්ගේම ගෙවල් තියෙනවා. මටත් ඕනේ හොඳ life එකක්.”

මම එදා කිසි දෙයක් කිව්වේ නෑ.

දවස් දෙකකට පස්සේ ඇය ආයෙත් මට message එකක් දැම්මා.

“අපි දෙන්නා serious නම් future එක ගැන practical විදිහට හිතන්න ඕනේ.”

මම reply කළා.

“මමත් ඒකයි හිතන්නේ.”

ඇය එව්වේ එකම ප්‍රශ්නයක්.

“ඔයාට මාව comfortable life එකක තියන්න පුළුවන්ද?”

මම phone එක දිහා බලාගෙන ගොඩක් වෙලා හිටියා.

මට ඒ ප්‍රශ්නයට “ඔව්” කියන්න තිබුණා.

මට loan එකක් අරගෙන ලොකු ගෙයක් ගන්න පුළුවන්.

තවත් credit card එකක් ගන්න පුළුවන්.

ලස්සන wedding එකක් කරන්න පුළුවන්.

මිනිස්සුන්ට පේන්න අපි දෙන්නාට “perfect life” එකක් හදන්නත් පුළුවන්.

ඒත්...

ඒ ජීවිතය ගෙවන්නේ කවුද?

මම.

අවුරුදු ගණනාවක් ණය ගෙවමින්.

මාසෙ අන්තිමට salary එක ඉවර වෙනකොට බිල් දිහා බලාගෙන.

එක දවසක් මම ඇයව මගේ ගෙදරට එක්කන් ගියා.

මගේ ගෙදර ලොකු එකක් නෙවෙයි.

කාමර දෙකයි.

පුංචි garden එකක්.

තාත්තා නැති වුණාට පස්සේ අම්මා තනියම මේ ගෙදර ජීවත් වෙනවා.

මම ඇයට කිව්වා,

“මේ තමයි මගේ ඇත්ත ජීවිතේ.”

ඇය ගෙදර වටේ බැලුවා.

“මේකද ඔයාගේ අම්මා ඉන්නේ?”

“ඔව්.”

අම්මා ඇවිත් ඇයට තේ එකක් දුන්නා.

“දුව, සීනි ටිකක් වැඩිද දන්නේ නෑ.”

නිසංසලා හිනා වුණා.

“හොඳයි අම්මේ.”

ඒ වෙලාවේ මට හිතුණා හැමදේම හරි කියලා.

ඒත් ගෙදරින් එළියට බැහැලා කාර් එකට නැග්ගට පස්සේ ඇය කිව්වා,

“ඔයාගේ අම්මා තාම මේ ගෙදරද ඉන්නේ?”

“ඔව්.”

“අපි කසාද බැන්දට පස්සේත්?”

මම ඇය දිහා බැලුවා.

“ඔව්. අම්මා තනියමනේ.”

ඇය හුස්මක් ගත්තා.

“මට නම් ඒක comfortable නෑ.”

එදා මම මුකුත් කිව්වේ නෑ.

කාර් එක drive කරන ගමන් මගේ හිතේ එකම ප්‍රශ්නයක් තිබුණා.

මට ඕනේ කෙනෙක්ද? නැත්නම් මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න කියන කෙනෙක්ද?

සතියකට පස්සේ මම ඇයව හමුවුණා.

“නිසංසලා, අපි මේක නවත්තමු.”

ඇය පුදුමයෙන් මගේ දිහා බැලුවා.

“ඇයි?”

“මට හිතෙනවා අපි දෙන්නා බලාපොරොත්තු වෙන ජීවිත දෙක වෙනස්.”

“ඒ කියන්නේ?”

“ඔයාට මම දැනටමත් හදලා තියෙන ජීවිතයක් ඕනේ.”

“මට ඕනේ මට ගැළපෙන ජීවිතයක්.”

“ඒක වැරදි නෑ.”

මම හිනා වුණා.

“ඒ වගේම මටත් මගේ ජීවිතය මට ගැළපෙන විදිහට හදාගන්න අයිතිය තියෙනවා.”

ඇය මොහොතක් නිහඬව හිටියා.

“ඔයා මාව තේරුම් ගත්තේ නෑ.”

මම කිව්වා,

“නෑ. මම ඔයාව හොඳටම තේරුම් ගත්තා.”

“ඒකයි මම යන්නේ.”

අද ඒ සිදුවීම වෙලා අවුරුදු තුනක්.

මම තාම ඒම company එකේ වැඩ කරනවා.

මගේ අම්මා තාම මගේ ගෙදර ඉන්නවා.

මම තාම rent එක ගෙවනවා.

තවමත් මට ලොකු SUV එකක් නෑ.

ලොකු ගෙයක් නෑ.

මාසෙකට ලක්ෂ ගණනක salary එකක් නෑ.

හැබැයි...

මගේ ගෙදරට එන මගේ බිරිඳ මට හැමදාම එක දෙයක් කියනවා.

“අපි දෙන්නා එකතු වෙලා මේ ගෙදර හදමු.”

ඇය මාව හමුවුණේ මට ගෙයක් තිබුණ නිසා නෙවෙයි.

මට තිබුණු දේවල්වලට වඩා, මම කෙනෙක් විදිහට කවුද කියන එක දැකලා.

එදා මට තේරුණේ...

කසාදයක් කියන්නේ කෙනෙක් දැනටමත් හදලා තියෙන ජීවිතයකට ගිහින් ඒක භුක්ති විඳින එක නෙවෙයි.

දෙන්නෙක් එකතු වෙලා ජීවිතයක් හදන එක.

අද ලස්සන ගෙයක් තියෙනවාද?

කාර් එකක් තියෙනවාද?

ලොකු salary එකක් තියෙනවාද?

ඒවා වැදගත්.

ඒත් ජීවිතේ අමාරුම දවසක...

“ඔයාට බැරි නම් මම ඉන්නවා. අපි දෙන්නා එකතු වෙලා මේක ගොඩදාමු.”

කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම්...

සමහරවිට ඒ තමයි ජීවිතේ තියෙන ලොකුම වත්කම.

මොකද...

සල්ලි තියෙන මිනිහෙක් එක්ක ජීවත් වෙන්න කෙනෙක්ට පුළුවන්.

ඒත්...

සල්ලි නැති දවසකත් තමන්ගේ අත අතහැරන්නේ නැති කෙනෙක් හොයාගන්න ලැබෙන්නේ හැමෝටම නෙවෙයි. ❤️

🇱🇰 ප්ලාස්ටික් බෝතල්වලින් පෝෂ්‍යදායී කුකීස්! ලෝකයේ අවධානය දිනාගත් ශ්‍රී ලාංකික විද්‍යාඥයාගේ නව නිර්මාණයලෝකයේ ප්‍රධාන ගැටල...
09/24/2026

🇱🇰 ප්ලාස්ටික් බෝතල්වලින් පෝෂ්‍යදායී කුකීස්! ලෝකයේ අවධානය දිනාගත් ශ්‍රී ලාංකික විද්‍යාඥයාගේ නව නිර්මාණය

ලෝකයේ ප්‍රධාන ගැටලු දෙකක් වන ප්ලාස්ටික් දූෂණය සහ අනාගත ආහාර අවශ්‍යතාවයට නව විසඳුමක් සොයමින්, ශ්‍රී ලාංකික ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙකු වන ආචාර්ය ලහිරු ජයකොඩි මහතා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් විසින් අපූරු පර්යේෂණයක් සිදුකර තිබෙනවා.

ඇමරිකාවේ Southern Illinois University සමඟ සම්බන්ධ මෙම පර්යේෂණයේදී ඉවතලන PET ප්ලාස්ටික් සහ කෘෂිකාර්මික අපද්‍රව්‍ය වැනි ද්‍රව්‍ය භාවිත කරමින් පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදනය කිරීමේ නව ක්‍රමවේදයක් පිළිබඳව පර්යේෂණ කර තිබෙනවා.

මෙම නව ආහාර නිෂ්පාදනය “µBites” (MicroBites) ලෙස නම් කර ඇති අතර, එය අනාගතයේදී අභ්‍යවකාශ ගමන්, ආපදා තත්ත්ව සහ සම්පත් සීමිත පරිසරයන් සඳහා විශේෂ වැදගත්කමක් ලබාගත හැකි තාක්ෂණයක් ලෙස සැලකෙනවා.

🔬 ප්ලාස්ටික්වලින් ආහාරයක් නිර්මාණය කරන්නේ කොහොමද?

මෙම ක්‍රියාවලියේදී PET ප්ලාස්ටික් සහ ඉවතලන ශාක කොටස් විශේෂ රසායනික ක්‍රියාවලියකට ලක්කර ඒවා සරල සංයෝග බවට පත් කරනු ලබනවා.

ඉන් අනතුරුව විශේෂයෙන් වෙනස් කරන ලද ක්ෂුද්‍රජීවීන් භාවිත කරමින් එම සංයෝග ජෛව ක්‍රියාවලියකට ලක්කිරීම සිදුකරන අතර, එමගින් ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය පෝෂණ සංරචක ලබාගැනීමට පර්යේෂකයන් උත්සාහ කර තිබෙනවා.

අවසානයේදී මෙම පෝෂණ සංරචක තන්තු, පිෂ්ඨය සහ රසකාරක වැනි ද්‍රව්‍ය සමඟ මිශ්‍ර කර 3D Printing තාක්ෂණය භාවිතයෙන් කුකීස් ආකාරයට නිෂ්පාදනය කර තිබෙනවා.

🚀 NASA සහ අභ්‍යවකාශ ආහාර සඳහා නව බලාපොරොත්තුවක්

මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ NASA ආයතනයේ Deep Space Food Challenge වැනි අභ්‍යවකාශ ආහාර තාක්ෂණය සම්බන්ධ වැඩසටහන් සමඟ සම්බන්ධ පර්යේෂණ පසුබිමක් තුළයි.

දිගුකාලීන අභ්‍යවකාශ මෙහෙයුම්වලදී ගගනගාමීන් සඳහා ප්‍රමාණවත් ආහාර රැගෙන යාම විශාල අභියෝගයක්. විශේෂයෙන් සඳ හෝ අඟහරු වැනි ස්ථානවලදී නැවුම් ආහාර නිෂ්පාදනය කිරීම අතිශය දුෂ්කරයි.

ඒ නිසා අපද්‍රව්‍ය සහ සීමිත සම්පත් භාවිත කරමින් අවශ්‍ය පෝෂණය නිෂ්පාදනය කරගත හැකි ක්‍රමවේදයක් අනාගත අභ්‍යවකාශ ගවේෂණ සඳහා ඉතා වැදගත් විය හැකියි.

🌍 අභ්‍යවකාශයෙන් ඔබ්බට...

මෙවැනි තාක්ෂණයක ප්‍රයෝජනය අභ්‍යවකාශයට පමණක් සීමා නොවනු ඇති බව පර්යේෂකයන්ගේ අදහසයි.

ස්වාභාවික ආපදා හේතුවෙන් ආහාර සැපයුම් මාර්ග බිඳවැටෙන ප්‍රදේශ, සම්පත් සීමිත කාන්තාර ප්‍රදේශ, මුහුද යට දිගු කාලයක් ක්‍රියාත්මක වන සබ්මැරීන සහ වෙනත් ආන්තික පරිසරයන් සඳහා මෙවැනි තාක්ෂණයක් අනාගතයේදී වැදගත් විය හැකියි.

එමෙන්ම ඉවතලන ප්ලාස්ටික් සහ කෘෂිකාර්මික අපද්‍රව්‍ය වටිනා සම්පතක් බවට පත්කිරීමේ හැකියාවක්ද මෙහි පවතිනවා.

🇱🇰 ශ්‍රී ලංකාවටම ආඩම්බරයක්

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන ආචාර්ය ලහිරු ජයකොඩි මහතා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමේ මෙම උත්සාහය, විද්‍යාව සහ තාක්ෂණය ඔස්සේ ලෝකයේ දැවැන්ත ගැටලු සඳහා නව විසඳුම් සෙවිය හැකි ආකාරය පෙන්වන අපූරු උදාහරණයක්.

ප්ලාස්ටික් අපද්‍රව්‍යයක් වටිනා සම්පතක් බවට පත්කරමින්, අනාගත ආහාර නිෂ්පාදනය සඳහා නව මාවතක් විවෘත කිරීමට උත්සාහ කරන මේ පර්යේෂණය සැබවින්ම ශ්‍රී ලාංකිකයන්ට ආඩම්බර විය හැකි විද්‍යාත්මක මෙහෙවරක්. 🇱🇰❤️

Address

Boston, MA

Alerts

Be the first to know and let us send you an email when Asipatha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share