02/07/2023
සතුට❤️❤️
✅ Cleaning staff එකෙ ඉන්න මනුස්සයෙක්ට ගුඩ්මෝර්නින් මචං, කෑවද කියලා ඇහුවම කටපුරා හිනාවෙලා, ඔව් සර් කියලා කිව්වම 🤗
✅ Keels , Foodcity වල අපි යද්දී දොර අරින මනුස්සයෙක්ට එහෙනම් අපි ගිහින් එන්නම් කිව්වම, හරි සර් බුදු සරණයි කිව්වම ☺️
✅ උදේ වැඩට යද්දී ගේට්ටුව අරින security කොල්ලට හෝන් එකක් ගහලා පොඩි සැලියුට් පාරක් දැම්මම උට එන ගැම්ම දැක්කම 👋
✅ ගරාජ් එකෙ මජන් නාගෙන අපෙ වැඩෙ ගොඩදාලා දෙන, සර්විස් එකෙ වතුර නාගෙන අපෙ වාහනෙ ටොප් එකට හෝදලා දෙන කොල්ලට ස්තූතිය මචං කියලා කීයක් හරි මිට මෙලෙව්වම උගෙ මූනෙ ඇදෙන හිනාවට 😃
✅ පාරෙ පොඩි බඩු ටිකක් තියාගෙන අව්වෙ දත කාගෙන විකුනන මනුස්සයෙක්ගෙන් ඉතුරු රුපියල් 50 තියාගන්න කිව්වම ඒ මනුස්සයාගෙ මූණෙ තියෙන හිනාවට 😃
✅ වැස්සෙ තෙමීගෙන අපේ කෑම එක ගේන uber eats එකෙ කො ල්ලට වැඩියෙන් රැපියල් 100 දුන්නම ඌගෙ මූනෙ තියෙන හිනාවට 😃
✅ කොහෙ ගියත් සෙට් වෙන බලු යාලුවෙක්ට ඔලුව අතගාලා බනිස් එකක් දුන්නම ඌ දෙන fit එකට 🐕 ❤️
😍🌼 මම අසීමිත සතුටක් ලබනවා. උ ඹටත් ප්‍රශ්න ඇති. උ ඹට ඔච්චර ප්‍රශ්ණ නම් උන්ට කොච්චර ප්‍රශ්න ඇද්ද.
පොඩි සතුටක් හරි ලබනවා ඔවුන් ඒකෙන්.ඒ හන්දා පොඩ්ඩක් වෙනස් වෙන්න බලපන් මචං. තමන්ගේ තත්වෙ මොකක් උනත් තවත් මනුස්සයෙක්ව පොඩි වෙලාවකට හරි සතුටු කරන්න බලපන් උ ඹට පුලුවන් විදිහට ඒකෙන් ඉබේම ලොකු සතුටක් දැනෙයි 🙏
© Copied✊