The Genius

The Genius An Educational & News Magazine, sharing IQ & General Knowledge on all the aspects in the universe, h

09/25/2025

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

ශ්‍රී ලංකාවේ පැරණි හා නව මිනුම් ඒකක. ゚viralfbreelsfypシ゚viral              #පරිපාලන  #විභාගය
09/11/2025

ශ්‍රී ලංකාවේ පැරණි හා නව මිනුම් ඒකක.
゚viralfbreelsfypシ゚viral #පරිපාලන #විභාගය

බෝග වගාවේ පුංචි වුනත් ලොකු කරදරකාරයා..මයිටා(Aphids)🐜 කුහුඹුවන් සමඟ ඇති මිතුදම-මයිටාවන් ගස්වල සාරය (sap) පානය කරයි. එය සී...
09/10/2025

බෝග වගාවේ පුංචි වුනත් ලොකු කරදරකාරයා..මයිටා(Aphids)

🐜 කුහුඹුවන් සමඟ ඇති මිතුදම
-මයිටාවන් ගස්වල සාරය (sap) පානය කරයි. එය සීනි වැඩියෙන් තිබුණත් ප්‍රෝටීන් අඩුය.
- ඔවුන් එම අතිරික්ත සීනි “හනිදිව්” (honeydew) නමින් හැඳින්වෙන, මදක් ඇලෙන, මී පැණි වගේ රසවත් ද්‍රවයක් ලෙස පිට කරයි.
- කුහුඹුවන් (ants) මේ honeydew වලට ඉතා කැමති යි. එම නිසා ඔවුන් මයිටාවන් සතුරන්ගෙන් ආරක්ෂා කරයි, නව ගස් වෙත ගෙනයයි, හෝ සීතකාලය සඳහා තම ගුහාවලට ගෙනයයි.

🌱 අතිවේගී ප්‍රජනනය
- බොහෝ මයිටාවන් සංසර්ගයක් නොමැතිව සජීවී දරුවන් උපදවන්නට සමත් වේ. එම ක්‍රියාවලිය කෞමාරෝද්භවය (parthenogenesis) නම් වේ. මේ නිසා ගහණය ඉතා වේගයෙන් වැඩේ. සමහර විශේෂයන්ට එක වගා සමයක් තුළ පරම්පරා 12ක් දක්වා උපදවිය හැක.

🛡 ස්වභාවික ආරක්ෂණ ක්‍රම
- මයිටාවන්ගේ සිරුරේ පසුපස cornicles (ශෘංගිකාව) කියන කුඩා නළ දෙකක් තියෙනවා.
- අවදානමක් ඇති විට, ඔවුන් ඇලෙන, ඉටි වැනි ද්‍රවයක් පිටකර සතුරන්ගේ මුඛය හෝ ඇන්ටෙනා අවහිර කරයි. සමහර විශේෂයන්ට මේ ද්‍රවය අනතුරු ඇඟවීමේ ගඳ (alarm pheromone) ලෙසත් ක්‍රියා කරයි.

🎨 වර්ණවත් විවිධත්වය
- ලොව පුරා විශේෂ 4,000කට වැඩි මයිටාවන් පවතින අතර, ඔවුන් කොළ, කළු, කහ, රෝස, තැඹිලි, දම් වැනි වර්ණවලින් දක්නට ලැබේ.
- Woolly apple aphid වැනි සමහර විශේෂයන්ගේ සිරුර කපු වගේ මෘදු ඇලෙන ආවරණයකින් ආවරණය වී ඇති නිසා, ඒවා අලංකාර ලෙස පෙනුනත් ගස්වලට හානි කරයි.

🦋 අවශ්‍ය විට පියාසර කිරීම
- බොහෝ aphidsට පියාපත් නැති නමුත්, ආහාර අඩුවූ විට හෝ ජනගහණය වැඩි වූ විට, ඔවුන් පියාපත් ඇති ආකාරයට පරිණාමය වී නව ගස් වෙත ගොස් වාසය කරයි.

The Genius

゚viralfbreelsfypシ゚viral

ලෝකයේ නවතම බලාපොරොත්තුව👇👇🩷🩷🩷🧬 Enteromix – නව රුසියානු කැන්සර් එන්නතරුසියාව විසින් නිකුත් කළ නව කැන්සර් එන්නතක් වන Entero...
09/09/2025

ලෝකයේ නවතම බලාපොරොත්තුව👇👇🩷🩷🩷🧬 Enteromix – නව රුසියානු කැන්සර් එන්නත

රුසියාව විසින් නිකුත් කළ නව කැන්සර් එන්නතක් වන Enteromix පිළිබඳව වෛද්‍ය ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමු වී ඇත.

💉 මේ මොකක්ද?
- මෙය mRNA තාක්ෂණය භාවිතා කරන කැන්සර් එන්නතක් වන අතර, COVID-19 එන්නත් වලට සමානයි.
- එක් එක් රෝගියාගේ RNA සහ පිළිකා තොරතුරු අනුව පුද්ගලිකව නිර්මාණය ලබන නිසා, මෙය නිවැරදි වෛද්‍ය ප්‍රතිකාරයක් ලෙස සැලකේ.
- මෙය අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කර, පිළිකා සෛල හඳුනාගෙන විනාශ කරයි.

🎯 මොන වගේ පිළිකාද මෙම එන්නතෙන් සුව කරන්නෙ?
- මෙය මුලින්ම අන්ත්‍ර පිළිකා සඳහා නිර්මාණය කර ඇත.
- පහත සඳහන් පිළිකා සඳහා මෙම එන්නත තවදුරටත් සංවර්ධනය වෙමින් පවතී.
- ග්ලියෝබ්ලාස්ටෝමා (මොළයේ පිළිකා)
- මැලනෝමා (සමේ පිළිකා විශේෂයක්)

🧪 අත්හදා බැලීම් (වඩාත්ම සත්ත්ව අත්හදා බැලීම් වලදී)
- 60–80% අතර පිළිකාව හැකිළීම හෝ වර්ධනය නවත්වීම සිදු විණි.
- සමහර වාර්තා 100% කාර්යක්ෂමතාවයක් දැක්වූවත්, ඒවා තවමත් ස්වාධීනව තහවුරු වී නැහැ.
- බරපතළ අතුරු ආබාධ කිසිවක් වාර්තා වී නැහැ.

🚦 වර්තමාන තත්ත්වය
- මෙය තවමත් මිනිසුන් සඳහා අනුමත වී නැහැ.
- මේ වන ව්ට රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් පවතී.
- මිනිසුන්ට කරන අත්හදා බැලීම් පිළිබඳව තොරතුරු තවමත් ප්‍රසිද්ධ කර නැහැ.

⚠️ විශේෂඥ අවවාදය
- ජාත්‍යන්තර වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ,
සත්ත්ව අත්හදා බැලීම් වල ප්‍රතිඵල මිනිසුන්ට සෑම විටම අදාළ නොවිය හැකි බවයි.
- විශ්වාසදායක දත්ත සහ මිනිස් අත්හදා බැලීම් නොමැතිව, මෙය තවමත් අපේක්ෂාවක් පමණි.

---

මෙය සාර්ථක වුවහොත්, Enteromix කැන්සර් ප්‍රතිකාර ක්ෂේත්‍රයේ විප්ලවයකට මඟ පෑමට හැකියාවක් ඇත. නමුත් වර්තමානයේදී, මෙය විද්‍යාත්මකව අත්හදා බැලෙන, නවීන තාක්ෂණයක් පමණි.


✍️The Genius

09/04/2025

මිලියන ගණනින් ඉපයිය හැකි කුසලතාවයක් දින 10 කින් ඉගනගන්න ඔයා කැමතිද?

දියුණු වෙන්න try කරන කෙනෙකුට ලොකුම අවස්ථාව හදලා දෙන්නෙ දැනුම. ලෝකෙම ජයගත් මිනිස්සුන්ගේ common secret එක තමයි දැනුම. ඔයාලා අහල ඇති Elon Musk, Zuckerberg වගේ අය ගැන. ඒ හැමෝටම තියෙනව fast learning skill එකක්. එයාල ඉගෙනගත්ත දේවල් අතරින් Programming විශේෂ තැනක් ගන්නවා.

මොකද්ද programming කියන්නේ? පොඩි explanation එකක් දෙන්නම්. ඔයා කාටහරි command එකක් දෙනව “දුවන්න” කියලා. ඔයා computer එකට command එකක් දෙනවා 'save කරන්න' කියලා. අන්න ඒ වගේ commands දීමක් තමයි programming කියන්නෙ. ඒත් programming වලදි පාවිච්චි කරන්නෙ, ඉංග්‍රීසි, සිංහල වගේ භාෂා නෙවෙයි. ඒකට තමයි programming languages තියෙන්නෙ. ඒ languages අතරින් හොඳ base එකක් තියෙන language එකක් තමයි Java.

ඉතින් programming වල 'අ' යන්නෙ ඉදලම Java එක්ක උගන්නන්න Olympford අපි සූදානම්. ඔයාට අවශ්‍ය වෙන්නේ ඉතා මූලික ඉංග්‍රීසි දැනුමක් සහ සාමාන්‍ය පෙළ ගණිත දැනුමක් විතරයි.

Programming ගැන කිසිම දැනුමක් නැති, එහෙම නැත්නම්, පොඩි දැනුමක් තියෙන, ඕනම කෙනෙක්ට ගැලපෙන course එකක් තමයි මේ course එක. මේකෙදි අපි ඔයාට උගන්වන්නෙ, programming කියන ගමනේම foundation එක – variables, decision making (if/else), loops, methods, object-oriented programming වගේ අත්‍යවශ්‍ය concepts. Java හරහා එය උගන්වන නිසා, practical life එකේ දේවල් code කරන්න පුළුවන්.

උදාහරණයක් විදියට monthly expense tracker එකක් හදනවා කියලා හිතන්න. Java දන්නව නම්, ඒක ඔයාට function එකක් විදිහට write කරලා, input එකෙන් data අරගෙන, result එක display කරන්න පුළුවන්.

මේ course එක exam-pass කරවන්න target කරන එකක් නෙමෙයි. ඒ වෙනුවට හොඳ programmer කෙනෙක් වෙන්න base එක දාන training එකක්. Projects, hands-on coding sessions, friendly support හැම එකම තියෙනවා.

ඔයාට skill එක තියනව නම් paper qualifications නැතුව උනත් හොද job එකක් හොයාගන්න පුලුවන් පාරක් තමයි programming කියන්නේ. ඔයාට ඔයාගෙම software හදන company එකක් උනත් පටන්ගන්න පුලුවන්.

Coding කියන්නෙ IT field එකටම හරි, freelancing වලටම හරි, future-ready career එකක්. ඒකට මොනවා කලත් මුල දාන්න ඕන solid foundation එකක්. මේ තමයි ඒකට සුපිරිම අවස්ථාව.

Programming කියන එක නැතිනම් AI, Automation, System thinking කියන හැම දෙයක්ම වටින්නේ නෑ. ඔයාට code එකක් ලියන්න දැනුමක් තියෙනවනම්, ඔයාට තියෙන අනාගතය සීමාවක් නැති එකක්.

පාඨමාලා ගාස්තුව 10000/- ක් පමණයි. ඔයාට 3 දෙනෙක් දක්වා තව අයව සම්බන්ධ කරලා 7000/- ක් දක්වා ගාස්තුව අඩු කරගන්නත් අවස්ථාව තියෙනවා.

📌අදම message එකක්, call එකක් දාන්න, දැන්ම register වෙන්න මේ WhatsApp group එකට join වෙන්න. ඔයාට job එකට CV එකක් හදාගන්න විදිය පවා අපි කියල දෙනවා.
https://chat.whatsapp.com/Llfg3utPwC38Kekp0JZJNI?mode=ac_t

විමසීම්
මලීෂ (Lecturer) - +94 77 007 9697 (WhatsApp)
ප්‍රවීන් (Coordinator) - +94 77 086 4311 (WhatsApp)

08/29/2025
08/26/2025
08/18/2025
07/28/2025

ඹබත් ජලය දූෂණය කරන්නෙක්දනිල්පාට ගෝලයන් අතුරෙන් විශාලම එක පෙන්නුම් කරන්නෙ පෘථෘවියේ තිබෙන සියළු ජල පරිමාවයි. මේකට සාගර ජලය...
07/26/2025

ඹබත් ජලය දූෂණය කරන්නෙක්ද

නිල්පාට ගෝලයන් අතුරෙන් විශාලම එක පෙන්නුම් කරන්නෙ පෘථෘවියේ තිබෙන සියළු ජල පරිමාවයි. මේකට සාගර ජලය, මිරිදිය, කරදිය, හිම, අයිස්, භූගත ජලය, අප ඇතුළු සියළු ජීවීන්ගෙ ශරීරවල ජල පරිමාව අයත්.

පලමු නිල් ගෝලයට වඩා ප්‍රමාණයෙන් කුඩා ගෝලයෙන් පෙන්නුම් කරන්නෙ පෘථෘවියේ සියළු මිරිදිය ජල පරිමාවයි.
මිනිස්සුන්ට ස්වාභාවිකව පරිභෝජනයට ගන්න පුළුවන් ප්‍රමාණය එපමනය.

ඊටත් වඩා කුඩා තිතක් ආකාරයෙන් පෙන්නුම් කරන්නෙ පෘථෘවිය මත තිබෙන සියළු විල් හා ගංගාවල ජල පරිමාවේ එකතුවයි.

ජලය කියන්නෙ කොතරම් සීමිත සම්පතක්ද කියන එක වටහා ගන්න මන් හිතන්නෙ මෙයද ප්‍රමාණවත් වනු ඇත.

පරිනාමික දිනපොත

07/20/2025
🌐 ලෝකයේ රටවල් 125 කට පමන වේගවත් අන්තර්ජාළ පහසුකම් ලබාදෙමින් පෘථිවිය ට ඉතා ආසන්නව කක්ෂ ගතවෙමින් විනාඩි 90 ක් තුළ ලෝකය වටා...
07/12/2025

🌐 ලෝකයේ රටවල් 125 කට පමන වේගවත් අන්තර්ජාළ පහසුකම් ලබාදෙමින් පෘථිවිය ට ඉතා ආසන්නව කක්ෂ ගතවෙමින් විනාඩි 90 ක් තුළ ලෝකය වටා එක් වටයක් ගමන් කරන ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා පෙළ. ලෝකයේ විවිධ ස්ථානවලදී රාත්‍රී අහසේ දැකියහැකි මෙම Starlink චන්ද්‍රිකාපෙළ එකිනෙකට ඉතා ළංව පිහිටමින් එකම රේඛාවක ලෝකය වටා ගමන් කරයි. චන්ද්‍රිකා 60 කින් සමන්විත star Link ලෝකයේ විවිධ ප්‍රදේශයන්ට නිරතුරුවම වේගවත් අන්තර්ජාළ පහසුකම් ලබාදෙන පණිවුඩ හුවමාරු චන්ද්‍රිකා ජාළයකි. ලෝක ධනවතුන් අතර අංක 1 ට සිටින ධනවත්ම පුද්ගලයා වන ඉලෝන් මස්ක් සතු ස්පේස් එක්ස් සමාගම විසින් නිර්මාණය කර ඇති මෙම ස්ටාර්ලින්ක් චන්ද්‍රිකාපෙළ පැයකට සැතපුම් 17000(දාහත්දහසක) පමන වේගයකින් පෘථිවියට කිලෝමීටර් 600 ක් පමන ඉහළ අභ්‍යවකාශයේ ගමන් කරමින් විනාඩි 90 ක් තුළ ලෝකය වටා එක්වටයක් ගමන් කරනවිට ඉලෝන් මස්ක් ගේ Space X ගිනුම් වලට ලොව සෑම දිශාවකින්ම බිලියන ගණනක මුදල් බැරවේ. ඒ අනුව දිනකට වට 15 - 16 ක් පෘථිවිය වටා ගමන් කරමින් ලෝකවාසීන්ට වේගවත් අන්තර්ජාළ පහසුකම් ලබාදෙමින් උපයන බිලියන ගණන් මුදල් ස්පේස් එක්ස් සමාගම සමග එක්ව ඉලෝන් මස්ක් Star Ship වැනි දැවැන්ත අභ්‍යවකාශයානා දියුණු තාක්ෂණයෙන් නිපදවමින් අනාගතයේ අඟහරු මත සජීවී පරිසරයක් නිර්මාණය කිරීමට සහ ඉදිරි වසර කිහිපය තුළ Star Ship වැනි දැවැන්තඅභ්‍යවකාශ යානා මගින් අඟහරු ග්‍රහලෝකයට සමූහ වශයෙන් මිනිසුන් ගෙනයමින් එහි මිනිස් ජනාවාස ඇතිකිරීමේ ඔහුගේ අරමුණ වෙනුවෙන් වැයකරයි. දැනට අන්තර්ජාළ පහසුකම් ලබාදෙන චන්ද්‍රිකා 7875 ක් පමන වන ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා ජාළය මුළු ලොවම ආවරනය වන අයුරින් චන්ද්‍රිකා 42000 පමන යොදාගනිමින් Globle Sattalitte network එකක් ලෙස පුළුල් කිරීම ඔහුගේ අනාගත සැළසුමයි. 🌐 Star link sattalitte train. Globle sattalitte network of Space X.

Address

New York, NY

Website

Alerts

Be the first to know and let us send you an email when The Genius posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Genius:

Share