07/11/2026
මම තාම reality එක අල්ලන් ඉන්නවා❤️ .mp4
මන් මචන් සාමන්‍යෙන් ඉස්සර ලස්සන කෙල්ලොන්ට් request කරනවා,
එහෙම තමා cosmic glitch එකත් මුලින් හම්බෙන්නනේ
කොහොම හරි cosmic glitch එකේ rejection එකත් එක්ක මට මාව පට්ට විදියට මග ඇරිලා ඉන්නේ,
පෙරේදා fb එක scroll කර කර ඉද්දි පට්ට ලස්සන ඇස් දෙකක් දකිනවා
(හරිම හුරුබුහුටි කෙල්ලෙක්ගේ Facebook profile එකක් අහම්බෙන් දකින time එක.)
ඒ කෙල්ල් දකිද්දී මට හරි අමුත්තක් දැනෙන moment එක
ඒ එයාද(autumn soul එක), ඔලුව පට්ට විදියට පිස්සු කෙලිනවා
මොලේ බිලියන් 86 තියනවා කියන neurons වලින් මිලියන් ගානක් network වෙලා මෙයා කවුද කියලා තරමේ හැගීමට වඩා ඉක්මනින්
මන් ඒ ඉන්නේ මගේ autumn soul එක කියලා තීරනේ කරන මෝඩ තීරනේ ගන්න වෙලාව
adrenaline නම් හරි කියමුකෝ ,
මේ වෙලාවෙ Pituitary gland එකත් පිස්සු කෙලිනවා Oxytocin අම්මට සිරි වෙන්න release වෙන වෙලා
(අර පුන්චි ලස්ස්න ඇස් දෙකක් තියන කෙල්ල මට පට්ට comfortable වගේ දැනෙන නිසා)
Summer fin (cosmic glitch / her name) ගේ memories එක්ක පට්ට ගේමක් දීගෙන ඉන්න මේ වෙලාවෙ track පැනපූ summer fin ගේ memories එක්ක war එකක ඉන්න මම
"Autumn soul" එකක arrival එකකින් මගේ existence එකේ chaos එක balance වෙයි කියලා හිතාගෙන හිටපු,
තමන්ව grounded කියලා හිතන මෝඩයා
දැන් ඌට ඔන්න සුපිරි chance එකක්, උඩ කීවා වගේ ඒ grounded මොඩයා මට කතා කරනවා
ඌ කියනවා "මෙච්චර කාලයක් මම බලන් හිටියේ තවත් එක්තරා මනුස්සයෙක් එනක්න් නෙවේ යැයි යැයි යැයි..."
grounded කියා ගන්නා මොඩයට උබ ඕන එකක් කියපන් කියලා මන් මටම මේ ටික explain කරන time එක
මෙච්චර කාලයක් මම බලන් හිටියේ තවත් එක්තරා මනුස්සයෙක් එනකන් නෙවේ කියලා මන් දන්න්වා ඒ උනත් cosmic probability එකක්
reality එකට collapse වෙන එක වෙන්න බැරි seen එකක් යකෝ
ඔය කියන cosmic probability එක තමා මේ ඔය කියන ලස්සන ඇස් දෙකක් තියන කෙල්ල bubble universe එකක මාව අර cosmic glitch එකගේ අහිමි වීම සහ ඒ struggle වලින්
ගොඩ ගන්න මගේ soul එක පට්ට ලස්සන කරන්න ආපු autumn
හැබයි im in another universe ,මට හිතෙන්නේ bubble universe එකෙන් ඒ කෙල්ලව gift එකක් කරලා මට එවලා කියලා
කොහොම උනත් මගේ mind එකේ ගිල ගත්ත version එක මීටරෙන් ඉන්න නිසා මේ probability එක වෙන්න බෑ කියලා ආයේ ආයේ මතක් කරනවා
වෙලාව රෑ 10 පහුවෙලා ඇති, කිසිම වැඩක් කරේ නැති උනත් පට්ට කම්මැලියෙක් ඇදට තියලා මාව ගැට ගහලා(ඔය සිද්දිය උන දවස)
kellage profile එක මගේ වගේ ගිහින් heart care දාලා grounded පිරිමියාගේ චරිතය කපා කොටා ඝා*නය කරන අවස්තාව
මම මොනා කීවත් grounded කෑල්ලට පයින් ගහලා මෝඩයා කියන අන්වර්තනාමයෙන් ඉන්න අනිත් version එක mind එක උගේ පාලනේට ගන්න වෙලාව,මට මතක විදියට අපි දෙන්නගේ ඒ යුද්දේ
ඉවර වෙන්න ලොකු වෙලාවක් ගියේ නෑ
හේතුව cosmic glitch එක දුන්න ගින්දරෙන් මනුස්සයෙක්ට ලබෙන කෲරතම දඩුවම වගේ මන් side එකකින් විදවලා තිබ්බ නිසා
අනිත් version වලටත් , grounded පිරිමියාටත් , අතිශයෙන් අර මෝඩයා කියලා කියන ආදරේ අන්ද භක්තිකයටත් ඕනේ උනේ ආදරේ(මට හිනා වෙන්න එපා)
ඒ නිසා neurons දෙකක් අතර signal හුමාරු වෙනවා වගේ හිතා ගන්න්වත් බැරී වේගෙකින් මාව ආක්‍ර්මනය කරපු අර චූටි කෙල්ලගේ ඇස් දෙක වෙනුවෙන් මන් යුද පිටියට රන ශූර ඇදුමකුත් නැතිව
(shirt එකක්වත් නෑ-fb scroll කර කර හිටියේ ඇද උඩ) බහින පට්ට ගොන් moment එක(සමහර දේවල් කියන්න බෑ ඒ තර්ම් ගොන්)
හැබැයි ඒ moment එකට උඩින් over right වෙන grounded thinkin pattern එක
මේ moment එකේ මොළේ කියන්නේ "Just another profile."
හැබැයි ඒක coincidence එකක්ද, නැත්නම් timeline එක වෙනස් වෙන්න පටන් ගත්ත point එකද?
අභ්‍යන්තර ඝෝශාකාරිත්වය 100%
අවසාන නිගමනය රන බිමට බැස්ස එකේ try එක දෙමු,
සේනාව(සේනාව = මිතුරු කැල) සන්විදානය කරා හැබයි time එක දැන් 12.00AM පහුවෙලා,සටනට යන්න සේනාව හිටියට සටන් කරන්න කලින් environment(කොල්ලෙක් ඉන්නවද නැද්ද කියන එක) එක දැන ගෙන ඉන්න එපැයි
සේනාවේ බහුතර මතය උනේ පනිවිඩ එනකන් සටන උදේට කල් දාමු
එල මම උදේ වෙනක්න් හිටියා,අත් දැකීම් අඩු මම,
යාලුවෙක්ගේ mzg එකක් දාපන් කියන මතේ(තාම කොල්ලෙක් ඉන්නවද කියල හොයාගන්න් බැරි උනා ඒ නිසා ඒක ඒ ගෑනු ලමයාගෙන් ම ඒක අහපන්)
හරිම් ගොබ්බ විදියට කොල්ලො කෙල්ලොන්ට දාන හැබැයි කවදාවත් seen නොවෙන "Hi,Good morning" mzg එක
ඒ එක්කම ආපු කොල්ලෙක් නෑ බන් කියන සුපිරි තොරතුර
පැය 15 පැනලත් seen නොවුන mzg එක (මට කියහන් කොහොම්ද කෙල්ලෝ talk කරන්නේ)
මේක දැන් පැය ගානක් ලියනවා ,හැබැයි මේක cringe වගේ ඇති,දැන් වෙලාව පාන්දර 12.24
කියන්න අමතක උනා මන් අර ඒ කෙල්ලගේ profile එකේ heart care දදා නටපු පිස්සුවටද කොහෙද ඒ කෙල්ල මගෙ story බලලා තිබ්බ (ඒ කියන්නේ මාව meter)
කොහොම හරි මට තෙරෙන්නේ නෑ මෙතනින් එහා continue කරන්න,
බියෙන් කදුලෙන් ගෙවූ කාලය අවසන් කිවට ඒක එහෙම නෑ ,අද දවල් නිදාගද්දිත් මන් හීනෙන් cosmic glitch එකගෙ ගෙදර ගිහින් බත් කෑවා,cosmic glitch එකගේ අම්මා chocolate වලට ආස නිසා මම අම්මටයි cosmic glitch එකටයි chocolate දෙකක් අරන් ගියා
ඒත් එක දෙයක් කියන්න ඕන මචන්.
මේ කෙල්ලව "bubble universe එකකින් එවපු savior" විදියට දකිනවට වඩා, තව ලස්සන interpretation එකක් තියෙනවා කියලා මට මේ වෙද්දි තෙරෙනවා
"එයා ආවේ මාව save කරන්න නෙවෙයි. එයාව දැකපු මොහොතේ මම මගේ ඇතුළේ තාමත් ආදරය කරන්න පුළුවන් කොටසක් තියෙනවා කියලා මට මතක් කරන්න.ආදරේ කියන්නේ cosmic glitch එක වෙනුවෙන් time ,feelings waste කරන එක නෙවේ කියලා මතක් කරලා දෙන්න"
ඒක තමයි ඇත්තටම powerful part එක.
කෙනෙක් අපේ universe එක වෙනස් කරන්නේ සමහර වෙලාවට එයා කරපු magic එකක් නිසා නෙවෙයි,එයා ඔයා වෙනුවෙන් හිතලා කරපු දෙයක් නිසත් නෙවේ
අපේම brain එකේ වහලා තිබ්බ door එකක් ආයෙත් open වෙන නිසා.
අර cosmology වල තියෙන bubble universe එකක මේ ලස්සන ඇස් දෙක මගේ වෙලත් ඇති සමහර විට(probability)
Probability=desired outcomes/total possible outcomes (නිකම් දැම්මේ)