The Ceylon Times

The Ceylon Times The Ceylon Times - The source for crime, business, government, education and sports news and informa

07/16/2022

So far the contestants for President's are

- Ranil Wickremesinghe
- Sajith Premadasa
- Anura Kumara Dissanayake
- Dullas Allahapperuma

07/15/2022

🔴 BREAKING NEWS 🔴
අගමැති රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස දිවුරුම් දෙයි !

07/14/2022

🔴 BREAKING NEWS 🔴
වැඩ බලන ජනාධිපති ලෙස හෙට පෙරවරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමට නියමිතයි ..!

07/13/2022

Breaking News : පාර්ලිමේන්තුව අසළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්. ආරක්ෂක අංශ සහ අරගලකරුවන් යන දෙපාර්ශවයෙන්ම තුවාලකරුවන් වාර්තා වෙනවා. පාර්ලිමේන්තුව රැක ගැනීමට ආරක්ෂක අංශ වලට නියෝග

07/12/2022

⭕ NEWS ALERT ⭕
පාන් ගෙඩියක මිල රු. 20 කින් ඉහළට! අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිලත් රු.10 කින් ඉහළ යයි!

07/10/2022

ඊයේ ජනාධිපති මන්දිරයේ තිබී හමුවූ රු. 17,850,000 (එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහස) ක මුදලක් කොටුව පොලීසිය වෙත භාරදුන් බවට වාර්තා වූ අතර මෙතෙක් එම මුදල් පිළිබඳ පොලීසියෙන් නිල ප්‍රකාශයක් සිදු නොකිරීම ගැටළුවක් බවට පත්ව ඇති බව වාර්තා වේ.

සමාජ මාධ්‍ය හරහා සටහනක් තබමින් තරිඳු ජයවර්ධන පවසන්නේ මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වෙත ලිපියක්ද යොමු කර ඇති බවයි.

- උපුටා ගැනීම

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා,
පොලිස් මාධ්‍ය ප්‍රකාශක,
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය,
කොළඹ.

මාධ්‍ය ප්‍රකාශකතුමනි,

ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් පොලිසියට බාර දුන් මුදල් ගැනයි

ජනාධිපති මන්දිරයේ ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ කාමරයක සඟවා තිබුණු බව කියන රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක් අරගලකරුවන් පිරිසක් විසින් ගණන් කර පොලිසිය බාර දෙනු ලැබ ඇත.

එය බාර ගත් පොලිස් අධිකාරීවරයා විසින් එම මුදල කොටුව පොලිස් ස්ථානාධිපතිට බාර සෙනු ලැබ ඇති අතර මේ වන විය එය කොටුව ස්ථානාධිපතිගේ බාරයේ තිබේ.

එම මුදල දේශපාලනඥයකුට බාර දෙන ලෙස උසස්ම පොලිස් නිලධාරියෙකු දැනුම් දුන් බවටද පොලිසිය අභ්‍යන්තරයේ සාකච්ඡාවෙන අතර එහි සත්‍ය අසත්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නැත.

කෙසේ වෙතත් මීට පෙර මැයි 09 වැනිදා ගාලුමුවදොර ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට පහරදීමෙන් පසු රට පුරා දේශපාලනඥයන්ගේ නිවාසවලින් අරගලකරුවන් බඩු සොරා ගත් බවටත්, දිගින් දිගටම අරගලයට එරෙහිවත් ශ්‍රී ලංකා පොලිසිය මාධ්‍ය නිවේදන දැමූ තත්ත්වයක මෙලෙස මුදල් බාරදීම ගැන මෙතෙක් මාධ්‍ය නිවේදනයක් පළ කර නැත.

එසේ හෙයින් අරගලකරුවන් විසින් සොයා ගන්නා ලද මුදල් පොලිසියට බාරදීම ගැන මාධ්‍ය නිවේදනයක් පළ කරන ලෙසත්, ඔවුන්ට හිමි ගෞරවය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිමු

ස්තුතියි.

තරිඳු ජයවර්ධන
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන්"

උපුටනය අවසන්

07/08/2022

මීගමුව,කැළණිය,
නුගේගොඩ,ගල්කිස්ස,කොළඹ(උතුර,දකුණ,මධ්‍යම )කොට්ඨාස වලඅද රාත්‍රී 9 සිට 💢ඇදිරි නීතිය

07/05/2022

ශ්‍රි ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාව විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව ව්පක්ශය විසින් පාර්ලිමේන්තුවේන් පලවා හරියි....

07/02/2022
07/01/2022

ළමා රෝහලේ සැත්කම් නවතී

ඖෂධ හිඟයෙන් බරපතල ගැටළුකාරී තත්ත්වයක්
මෑත ඉතිහාසයේ මුල්වරට රිජ්වේ ආර්යා ළමා රෝහ‌ලේ අක්ෂි සහ සැලසුම් කළ සැත්කම් සියල්ලi පෙරේදා (29) දිනයේදී නතර කිරීමට සිදු වූ බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති පැවසීය.

රට තුළ පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් රජය විසින් කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේදී බරපතළ ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමටi සිදුවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ‍ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.

මේ වනවිට සෑම රෝහලකම අත්‍යාවශ්‍ය ඖෂධ වර්ගවල දැඩි හිඟයක් පවතින බවත් රෝගීන්ට අවශ්‍ය ප්‍රමණයට ඖෂධ ලබාදීමට නොහැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේය.

එසේම රජයේ ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඖෂධ බෙදාහැරීමේ කටයුතු මේ වනවිට සීමා කිරීමට කටයුතු කර තිබේ.

හෘද රෝග සඳහා අවශ්‍ය ඖෂධ මෙන්ම ශල්‍යකර්ම සඳහා අවශය ඖෂධවල දැඩි හිඟයක් පවතින බවද රෝහල් බලධාරීන් සඳහන් කළේය.

Address

San Francisco, CA

Website

Alerts

Be the first to know and let us send you an email when The Ceylon Times posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Ceylon Times:

Share