Uth.lk

Uth.lk Always mic on

උපුටා ගැනිම -ඔබ විසින් වර්ෂ 2024.07.26 වැනි දිනැති ලිපිය ප්‍රකාරව කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ  ලබා...
26/07/2024

උපුටා ගැනිම -

ඔබ විසින් වර්ෂ 2024.07.26 වැනි දිනැති ලිපිය ප්‍රකාරව කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ලබාදීමෙන් අනතුරුව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අනුමැතිය ඉල්ලා සිටිම, එකී අතුරු තහනම් නියෝගය පැහැදිලි ලෙස උල්ලංඝණය කිරීමක් වන බවයි.

මීට අමතරව ඔබ සහ ඔබගේ සංගමයේ නිලධාරීන් විසින් ගරු අධිකරණට අපහාස කරමින්, ගරු අධිකරණයේ නියෝගය හෑල්ලුවට ලක් කරමින් කටයුතු කරන ආකාරය පිළිබඳව සාක්ෂි ද මා සතුව ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් සියල්ල අධිකරණය වෙත යොමු කොට ඔබට විරුද්ධව අධිකරණ අපහස කිරීමේ වරදට නීතිමය පියවර ලබා ගැනීමට මා හට උපදෙස් ලැබී ඇත.

උපුටා ගැනිම අවසන් -

17/05/2024

Always Mic On - Tell the real thing

23/04/2024

උමා ඔය 2015 වසරේ දෙසැම්බර් මාසයේ වැඩ අවසන් වීමට නියමතව තිබූ අතර, එමගින් විදුලිබල මණ්ඩලයට සිදුවූ පාඩුව වසරකට රුපියල් බිලියන 9.8කි.

සනත් ජයසූරිය රත්නපුරට
29/03/2024

සනත් ජයසූරිය රත්නපුරට

28/03/2024

මාර්තු 30 වනිදු හසරංග රත්නපුරට එනවා..

රත්නපුර මොණරවිල ප්‍රදේශයේ ඉදිකර ඇති ක්‍රිකට් පිට්ටනිය නුදුරේ දී ජනසතු කිරීම ක්‍රීඩකයන්ගේ අනාගතය පිලිබඳ සුබ සිහිනයක් එක්ක...
28/03/2024

රත්නපුර මොණරවිල ප්‍රදේශයේ ඉදිකර ඇති ක්‍රිකට් පිට්ටනිය නුදුරේ දී ජනසතු කිරීම ක්‍රීඩකයන්ගේ අනාගතය පිලිබඳ සුබ සිහිනයක් එක්කරයි. එය ක්‍රිකට් ක්‍රීඩාවේ නැවුම් බලාපොරොත්තුවක් එක් කරයි.

රත්නපුර බලංගොඩ ජාතික පාසල නියෝජනය කරමින් ඉසුරු උදාන වැනි අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයන් ද බිහිවිය. එවැනි අති දක්ෂයන් නිර්මාණය කිරීමට නම් මෙවැනි ක්‍රීඩා යටිතල පහසුකම් නිර්මාණය කිරීම කාලෝචිත වේ.

රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ඉහළ නිළධාරින් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සදහන් කරන්නේ මෙම ක්‍රීඩාංගණය අදියර කීපයක් යටතේ නවීන පහසුකම් එකතු කිරීමට සුදානම් බවයි.

2021 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ   ඇල්ලේ වැව වාරි ව්‍යාපෘතිය  සඳහා  වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1532 කි.මෙහි ඉදිකිරීම් කටය...
30/01/2024

2021 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ ඇල්ලේ වැව වාරි ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1532 කි.
මෙහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේ අගභාගයේ නිම කර ජලය මුදා හැරීමට සැලසුම් කර තිබේ.

ඇල්ලේවැව වාරි යෝජනා ක්‍රමයේ ප්‍රධාන අභිලාෂය වී ඇත්තේ පනාමුර සහ හුලංදාව ඔය ව්‍යාපාර යටතේ වගා කෙරෙන කුඹුරු ඉඩම් සඳහා යල මහ දෙකන්නය වෙනුවෙන් ජලය අඛණ්ඩව සැපයීම වේ.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිකිරීම් පරිශ්‍රයේ සංචාරය කිරීමෙන් අනතුරුව ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයින් සමඟ සුහද සාකච්ඡාවක ද නිරත වුවා ය.

මෙම අවස්ථාවට පනාමුර කාවන්තිස්ස රජමහා විහාරාධිපති වලල්ගොඩ සිරිනන්ද හිමි, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුරන්ත වීරසිංහ මහතා, ඇඹිලිපිටිය නගර සභාවේ හිටපු නගරාධිපති දිනේශ් මධුසංඛ මහත,
ඇල්ලේවැව වාරි ව්‍යාපෘතියේ, ව්‍යාපෘති අධ්‍යක්ෂ රොෂාන් ජයසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ

"දුප්පත් අහිංසක ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබා, ඔවුන් වෙනුවෙන් සේවය කිරීමේ වගකීමෙන් බැහැරවීමට රාජ්‍ය සේවකයාට නොහැකියි - ...
22/01/2024

"දුප්පත් අහිංසක ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබා, ඔවුන් වෙනුවෙන් සේවය කිරීමේ වගකීමෙන් බැහැරවීමට රාජ්‍ය සේවකයාට නොහැකියි - ඇමති පවිත්‍රා වන්නිආරච්චි "

බහු කාර්‍ය සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට බඳවා ගත්, බහුකාර්ය සංවර්ධන සහයකයින් 74 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීම
වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිනි.

පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් උක්ත ප්‍රකාශය සිදුකළ අතර, ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයින්ට සමස්ත ජනතාව වෙනුවෙන් අත්හල නොහැකි වගකීම් රාශියක් පැවැරී ඇති බවත්, රාජ්‍ය සේවකයෙකු ලෙස වරප්‍රසාද භුක්ති විඳිමින් සිට ජනතාවට සේවය නොකර සිටිය නොහැකි බවත්, අප උපන් මාතෘභූමියට උපරිම සාධාරණය ඉටුකිරීම රාජ්‍ය සේවයට එක්වන සැමගේ වගකීම බවත් අමාත්‍යවරිය විසින් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා ය.

පත්වීම්ලාභීන් "රියදුරු, කෘෂි සහයක, ජලනල කාර්මික හා විදුලි කාර්මික" යන විෂය ක්ෂේත්‍ර යටතේ ජාතික වෘත්තීය කුසලතා (N.V.Q.03) වන මට්ටමේ සුදුසුකම් ලාභීන් වන අතර,මහවැලි කලාප කාර්යාල තුළ පවතින පුරප්පාඩු සඳහා මොවුන් යෙදවීමට අපේක්ෂා කෙරේ.

මෙම පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ මහතා , ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සුනිල් පෙරේරා මහතා, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන හා මුදල්) කෞෂල්‍ය විජයවීර මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණ සේවා) ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

උදාවූ 2024 නව වසර රටට ආශිර්වාද පතා ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ විසින් සර්ව ආගමික වතාවත් වල නිරත වී තිබෙනවා.බෞද්ධ ආගමික...
03/01/2024

උදාවූ 2024 නව වසර රටට ආශිර්වාද පතා ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ විසින් සර්ව ආගමික වතාවත් වල නිරත වී තිබෙනවා.

බෞද්ධ ආගමික වතාවන් ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරස්ථානයේදී ද, හින්දු ආගමික වතාවත් වැල්ලවත්‍ත මයුරපති කෝවිලේ ද, කතෝලික ආගමිකවතාවන් වෙනුවෙන් රාජගිරිය ක්‍රිස්තියානි පල්ලියේ දී ද, මුස්ලිම් ආගමිකවතාවත් රාජගිරිය මුස්ලිම් පල්ලියේදී පැවැත්විණ.
මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ ලේකම්, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතා හා සෙසු නිළයන් සහභාගි වුණා.

22/12/2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ 10ක් සඳහා නව අමාත්‍යාංශ ලේකම්වරුන් දසදෙනෙකු සහ පළාත් 02ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර ඇත.

මෙම පත්වීම් 2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වේ.

පත් කර ඇති නව ලේකම්වරුන් මෙසේය. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් – ඒ. සී. මොහොමඩ් නෆීල් මහතා
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පලන අමාත්‍යාංශ ලේකම් – ඩබ්. පී. පී. යසරත්න මහතා
වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් – සමන් දර්ශන පාඬිකෝරාල
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් – වසන්තා පෙරේරා මහත්මිය
අධිකර‍ණ, බන්ධනාගාර කටයුතු හා ආ‍ණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ලේකම් – එන්.එම් රණසිංහ මහතා
වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් – ගුණදාස සමරසිංහ මහතා
පරිසර අමාත්‍යාංශ ලේකම් – බී.කේ.පී. චන්ද්‍රකීර්ති මහතා
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් – ආචාර්ය සුලක්ෂ ජයවර්ධන
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් – ඉංජිනේරු. රංජිත් රූබසිංහ මහතා
තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් – ආචාර්ය ධර්මශ්‍රී කුමාරතුංග

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් – ආර්. එම්. ඩබ්. එස්. සමරදිවාකර මහතා
බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් – එස්. එල්. ඩී. කේ. විජයසිංහ මහත්මිය

17/12/2023

මම හොරකම් කරලා නෑ - පවිත්‍රා වන්නිආරච්චි

ඇමරිකාවේ සිංදු කියන ලංකාවේ කොල්ලා
19/02/2022

ඇමරිකාවේ සිංදු කියන ලංකාවේ කොල්ලා

සංගීතය යනු විශ්වීය භාෂාවක් බව අප කවුරුත් හදුනා ගන්නේ අප විසින්ම ලබන අත්දැකීමෙන්.විවිධ භාෂාවන්හි විවිධ ආරයේ ගීත අ...

අත්හල තැන යමක් ඉතිරිවේ ද එය ආදරය වේ
17/02/2022

අත්හල තැන යමක් ඉතිරිවේ ද එය ආදරය වේ

06/02/2022

Sri Lanka’s Biggest
❤️ Valentine Concert ❤️
- LOVERS NIGHT -

We Plus on 13th February 2022.

Featuring
- Sanuka Wickramasinghe
- Dhanith Sri
- Vindi Gunathilaka
- Piyath Rajapakshe
- Madhuvy Vaithialingam

Enjoy the day with your loved ones.

Grab your ticket before it runs out!!
Ticket Price

Balcony - 2000/=
Individual - 3000/=
Couple Special - 5000/=

💳 Online Tickets Available

myticket.lk
Sarasavi Bookshop Maharagama/Nugegoda
Mr. Koththu Grand

📍 Location: Youth Center Maharagama

📲 Contact : 071 520 81 20 (Kasun)
: 0767104171 (Prabashi)

ශ‍්‍රී ලංකාව අද බත් හිගා කනවාhttp://uth.lk/news/1759
01/02/2022

ශ‍්‍රී ලංකාව අද බත් හිගා කනවා
http://uth.lk/news/1759

අද වන විට ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් පැමිණ ඇත්තේ අන්තිම අන්තිම තැනට බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ .....

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Uth.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share