Sri Lankan in Viet Nam

Sri Lankan in Viet Nam I am the srilankan who living in vietnam as a local Vietnamese person..
“Real life of a Sri Lankan father raising his little boy in Vietnam 🇱🇰❤️🇻🇳”
(4)

07/09/2026

සුභ උදෑසනක් සියලුම දෙනාට 🙏🙏🙏

අනිත් අය එක්ක තරඟ නොකර, ඊයේ හිටපු ඔබව අද ජයගන්න. 💪💪💪සුභ රාත්‍රියක් වේවා සියලුම දෙනාට 🙏🙏🙏
06/09/2026

අනිත් අය එක්ක තරඟ නොකර, ඊයේ හිටපු ඔබව අද ජයගන්න. 💪💪💪
සුභ රාත්‍රියක් වේවා සියලුම දෙනාට 🙏🙏🙏

06/09/2026

ඔයාල මෙවුව කාල තියනවයි ?😉😉😉 වියට්නාමේ කෑම

06/09/2026

Sapa වල තිබ්බ දිව්‍යලෝකේ ගේට්ටුව ළඟට ගියා මම.. 😉😉😉

06/09/2026

කෝ චූටි මැනික? 😉😉😉

06/09/2026

අද ඉරිදා එන්න සෙත් ශාන්තියක් කරගන්න වියට්නාමේ අපි ගානේ 🙏🙏🙏

අපේ ලමයි ❤️❤️❤️මට මේ ෆොටෝ එක අද උදේ දකින්න හම්බවුණේ මගෙ ෆෝන් එකේ තිබිල. මේක මම ගහපු ෆොටෝ එකක් නෙවෙයි මගේ අතින් වැදුණු ෆො...
06/09/2026

අපේ ලමයි ❤️❤️❤️
මට මේ ෆොටෝ එක අද උදේ දකින්න හම්බවුණේ මගෙ ෆෝන් එකේ තිබිල. මේක මම ගහපු ෆොටෝ එකක් නෙවෙයි මගේ අතින් වැදුණු ෆොටෝ එකක්. මේ ෆොටෝ එක මට කතා ගොඩක් කියනවා. මෙතන ඉන්නේ අපි ඊයේ අලුතින් බාරගත්ත දරුවෝ දෙන්නා සහ ඒ දරුවො දෙන්නගෙ අසනීප තාත්තා. එතනම ඉස්සරහින් ඉන්නේ රතුකුරුස සංවිධානයේ අපිව සම්බන්ධ කරපු නිලධාරිනියක්. තාත්තා නංගිගේ අතින් අල්ලගෙන, නංගි අයියගේ අතින් අල්ලගෙන අපි කරපු පරිත්‍යාග ගන්න වේදිකාවට යන ගමන් මේ. ඉස්කෝලේ ඇතුලෙ උනත් ඒ තුන්දෙනා තුන්දෙනාව පරිස්සම් කරගන්න විදිය මට මේ පින්තූරය දැක්ක ගමන් හිතුනේ. ඒක හරිම සන්වේදී මට නම්. මම හිතනව ඒ එයාලගෙ එකිනෙකා පරෙස්සම් කරගැනීම ඉදිරියටත් මෙහෙමම තියෙවි කියල. හෙට ඉදල දරුවො දෙන්න ලස්සන අලුත් ඇදුම් ඇදල ඉස්කොලෙ යාවි අලුත් බයිසිකල් එකේ නැගල. අනාගතයේ කවදාහරි දවසක මේ ෆොටෝ එක එයාලට දකින්න ලැබේවි කියල මම හිතනව.. එදාට සමහර විට අපි ජීවතුන් අතරවත් නැති වෙයි.. ඒක නිසා මම මේ සටහන සමග මේ පින්තූරය මෙහෙම සමාජගත කරනව ආදරයෙන්. ❤️❤️❤️

🙏🇻🇳 ලාවෝ කායි හි බාඕහා දෙවොල – Đền Bảo Hà 🇻🇳🙏ඊයේ අපි ලාවෝ කායි ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ බාඕහා දෙවොල (Đền Bảo Hà) වෙත ග...
06/09/2026

🙏🇻🇳 ලාවෝ කායි හි බාඕහා දෙවොල – Đền Bảo Hà 🇻🇳🙏

ඊයේ අපි ලාවෝ කායි ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ බාඕහා දෙවොල (Đền Bảo Hà) වෙත ගොස් ආශීර්වාද ලබා ගැනීමටත්, ප්‍රාර්ථනා කිරීමටත් අවස්ථාව ලැබුණා. 🙏❤️

බාඕහා දෙවොල වියට්නාමයේ ඉතා ප්‍රසිද්ධ ආධ්‍යාත්මික හා ඓතිහාසික ස්ථානයක්. මෙහි ප්‍රධාන වශයෙන් ගෞරවයට පාත්‍ර වන්නේ Hoàng Bảy (Ông Hoàng Bảy) නම් ඓතිහාසික/ජන විශ්වාසයට සම්බන්ධ චරිතයයි.

වියට්නාම ජන විශ්වාසයන් අනුව, ඔහු රටේ උතුරු-බටහිර ප්‍රදේශය ආරක්ෂා කළ වීර නායකයෙකු ලෙස සැලකෙන අතර, අද වන විට බොහෝ දෙනා ඔහුට ගෞරව කරමින් සතුට, සෞභාග්‍යය, ව්‍යාපාර සාර්ථකත්වය, පවුලේ ආරක්ෂාව සහ යහපත වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීමට මෙහි පැමිණෙනවා. 🙏

මෙම ස්ථානය වියට්නාමයේ Three Realms Mother Goddess worship – Tín ngưỡng thờ Mẫu Tam phủ වැනි සාම්ප්‍රදායික ආධ්‍යාත්මික සංස්කෘතීන් සමඟත් සම්බන්ධයි.

අපගේ විශ්වාසය වෙනස් වුවත්, වෙනත් සංස්කෘතියක මිනිසුන් තම ආගමික හා ආධ්‍යාත්මික විශ්වාසයන් සමඟ මෙවැනි ස්ථානවලට පැමිණෙන ආකාරය දැකීම මට ඉතා වටිනා අත්දැකීමක්. ❤️

අපි ඊයේ එහි ගොස් අපේ පවුලටත්, අපට ආදරය කරන සියලු දෙනාටත් සෞභාග්‍යය, සතුට, නිරෝගී බව සහ යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කළා. 🙏❤️

වෙනස් ආගම්, වෙනස් සංස්කෘතීන්… නමුත් මිනිසුන්ගේ හදවතේ ඇති යහපත වෙනුවෙන් කරන ප්‍රාර්ථනාව එකමයි. ❤️🌏🙏

හැමෝම දකින්නේ ඔබේ ජයග්‍රහණයයි…නමුත් ඒ ජයග්‍රහණය පිටුපස ඔබ තනිවම විඳපු වේදනාව, නිදි නැති රාත්‍රී, අසාර්ථක වීම් සහ නිහඬ කඳ...
05/09/2026

හැමෝම දකින්නේ ඔබේ ජයග්‍රහණයයි…
නමුත් ඒ ජයග්‍රහණය පිටුපස ඔබ තනිවම විඳපු වේදනාව, නිදි නැති රාත්‍රී, අසාර්ථක වීම් සහ නිහඬ කඳුළු කවුරුත් දකින්නේ නැහැ. 🥺

ඒ නිසා අද ඔබට දෙයක් මතක් කරන්න ඕනේ…

“කිසිවෙකු ඔබේ උත්සාහය නොදැක්කා කියලා, ඔබේ ගමන නවත්වන්න එපා.” ❤️
අද ඔබට ඉතාමත් දුෂ්කර දවසක් වෙන්න පුළුවන්.
ඒත් මතක තියාගන්න…

පුංචි පියවරක් වුණත් ඉදිරියට යන පියවරක්.
මන්දගාමී වුණත් ගමන නතර වී නැත්නම් ඔබ තවමත් ජයග්‍රහණය කරමින් ඉන්නවා.

ඔබට විශ්වාස කරන කෙනෙක් නැති වෙලාවක…
ඔබ ඔබව විශ්වාස කරන්න. 💪❤️

අද රාත්‍රියේ ඔබේ හිතට එකම පොරොන්දුවක් දෙන්න…

“මම තවම ඉවර නැහැ.
මගේ හොඳම දවස තවම ඉදිරියේ තියෙනවා.” 🌙

සුභ රාත්‍රියක්! ❤️
හෙට තවත් ලස්සන දවසක් වේවා. 🙏

Address

Viet Tri
Phu Tho

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan in Viet Nam posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share