06/10/2025
ශ්‍රී ලාංකීය ඩිජිටල් සඟරා කලාව වෙනස් තලයකට ගෙන ගිය, සම්ප්‍රදාය අතික්‍රමණය කළ, සුවහසක් පාඨක ඔබගේ රසවිදින්නය වෙනුවෙන් එදා මෙදා තුර විවිධාකාර වූ හරවත් සංකල්පයන් මතින් ඩිජිටල් අවකාශය තුළ ඩිජිටල් පුවත්පත් අතර පෙරළිකාර වූ සඟරා දැක්ම Trendthink E - Magazine ගෙන එන්නට සමත් වූ අප මෙවරත් පාඨක ඔබ වෙනුවෙන් 154TH වන කලාපය මෙලෙසින් දිඟ හරිනු ලබයි ! 📄✅
මෙවර කලාපයෙන් |
💬 ❝ සංගීත ක්ෂේත්‍රය තුළ වෙනස්ම ආරයක යුගයක් නිර්මාණය කළ ගායන තරුවක් ඔබ. ක්ෂේත්‍රය තුළ ඔබේ ආරම්භය ගැන මතකය ආවර්ජනය කළොත් ?
✘ ඇත්තටම මට ඒ ගැන තියෙන්නෙ නිහතමානි ආඩම්බරයක්. මට මගේම කියලා සංගීතමය ආරයක යුගයක් මට නිර්මාණය කරන්න හැකිවුණා. මූලිකවම මම සඳහන් කරන්න අවශ්‍යයි මම ගෙදරට වෙලා සිංදු හද හද ඉන්න කාලෙක තමයි මට ඩිලාන් ගමගේ අයියා. හමුවෙන්නේ.ඒ වෙද්දි ගොඩාක් සංගීත නිර්මාණයන් කලත් ඔහු තමයි මූලිකවම මාව මේ සංගීත ක්ෂේත්‍රයට නිල වශයෙන් හඳුන්වා දෙන්නේ. 2013 දී තමයි නිළ වශයෙන් මම මගේ පළමු ගීතය සංගීතවත් කරන්නේ. ඒ තමයි රොෂාන් ප්‍රනාන්දු මහත්මයා ගායනා කරන "මට අයිති වෙලා" ගීතය.පසුව අමල් පෙරේරා මහත්මයා ගායනා කරන "අදහන්නත් බෑ" ගීතය, දිමංක වෙල්ලාලගේ අයියා ගායනා කරන "අවසාන ප්‍රේමයයී", ජූඩ් රොගන්ස් අයියා ගායනා කරන "හිමාලෙට වඩා උසයි," සහ "අම්මා කියලා බහ තෝරනා" වගේ ගීත රැසක් ඔහු සමග නිර්මාණය කලා.තව ගීත ගොඩාක් තියෙනවා. ඒ වකවානුවේ නිර්මාණය කරපු ශිහාන් මිහිරංග - ඇති මාව රැවටුවා
කවීෂ කවිරාජ් - හිතුමනාපෙන්, ටෙහාන් පෙරේරා - උනුහුම 2 , සාරි පොටේ - යුරේනි නොශිකා , දුවනි - මිහිදු ආරියරත්න. මෙවැනි තවත් නිර්මාණ රැසක් කලා. ඉතින් ආදරෙයි ඒ අතීතයට ❞
📍 ───── Ashan Fernando ─────── ❨ Interview By - Sewwandi Ima Munasingha / Co - Director & Official Interviewer Of Trendthink E - Magazine ❩ ✍️
💬 ❝ ඔබ වාණිජ සිනමා ධාරාවෙන් සිනමාවට සම්බන්ධ වෙනවා, ඉන්පසුව ' මේ මගේ සඳයි ' යන සිනමා කෘතිය තුළින් කලාත්මක සිනමාවට පා තැබීමට හැකි වෙනවා. ඉතින් රංගනයට අවතීරණය වෙලා චිත්‍රපට, ටෙලි නාට්‍ය විශාල සංඛ්‍යාවකට දායක වෙලා තියෙන ඔබට මෙතෙක් ආ ගමන ගැන මොකද හිතෙන්නේ කියමු ?
✘ මෙතෙක් ආ ගමන ලස්සන එකක් නෙවේ, අප කාගේත් ජීවිත බොහෝ දේවල් එක්ක යන ගමනක්. අප කාගෙත් ජීවිත එහෙමනේ. හැල හැප්පීම් වැඩී, කරන්න තියෙන දේවල් වැඩියි. ඇත්තටම ඒ සාමාන්‍ය ජීවිතයම තමයි මටත් තියෙන්නේ. රහ මිනිස්සු එක්ක ජීවත්වීම, වෙලාවට වැඩ කිරීම, වැඩක් භාර ගත්තම කොච්චරක් දුරට කැප වෙනවද කියන දේ එක්ක කළමනාකරණය තමයි තියෙන්නේ. මෙච්චර කාලයක් මේ ක්ෂෙත්‍රයේ ඉන්න හේතුව නම් විශ්වාසයයි. නැත්නම් මේ හැම දෙයක්ම සාමාන්‍යයයි. මගේ වෘත්තිය රඟපෑම නම් ඒක කරගෙන යනවා. විශ්වාසය කියන දේ ගොඩනගපු නිසා තමයි මෙච්චර කාලයක් මම හිටියේ කියලා මට හිතෙනවා. මගේ Demanding හරි අඩුයි. මම මෙයා, මම දිල්හානි මට මෙහෙම ඕන, මට අරහෙම ඕනි කියන තැනක මම නෑ. නමුත් මූලික අවශ්‍යතා ටිකක් පමණක් මම ඕනි කෙනෙක්ගෙන් ඉල්ලනවා. මම ඉන්න තැන, මම යන වාහනය, මට නිදාගන්න ඕන වෙලාව, වැඩ කරන පැය ප්‍රමාණය ආදිය ඉල්ලනවා. නමුත් වෙන Demanding මගේ නැහැ ඇත්තටම ...❞
📍 ──── Dilhani Ekanayake ───── ❨ Interview By - Weerahinha / Writer & Official Interviewer Of Trendthink E - Magazine ❩ ✍️
💬 ❝ ' පාට කුරුල්ලෝ ' ටෙලි නාට්‍යයේ ' නිම්නාවිගේ ' චරිතය සමඟ ඔබ ප්‍රේක්ෂකයන් අතර ඉතාමත් ජනප්‍රිය චරිතයක් වුණා නිම්නාවිගේ චරිතය ගැන අපි කතා කරමු. ඒ චරිතය ඔබට කෙතරම් දුරට සමීප වුණාද ?
✘ ඇත්තට මට ඒ නාට්‍යට කතා කරේ. ටෙලිනාට්‍ය නිෂ්පාදක චාමර සමරවික්‍රම අයියා. එයා තමයි කිව්වෙ මෙහෙම ටෙලිනාට්‍යක් පටන් ගන්නවා ඔයා ඒ චරිතයට කැමතිද කියල. ඇත්තටම මම කලින් ටෙලිඩ්‍රාම කරලා තිබුණේ නැහැ.ඒ නිසා මට පොඩි බයක් සහ අභියෝගයක් තිබුනා. ඊට පස්සෙ මට කිව්වා ඔයාට රඟපාන්න තියෙන්නේ සජිත ඇන්තනි එක්ක කියලා. එහෙම කියද්දි එකපාරටම මම ටෙලිඩ්‍රාම කරලා තිබුණේ නැති නිසා මට බයක් ආවා. අජිත් අයියා එක්ක තමයි මට රඟපාන්න තිබුණේ.ඒ වුණාට එයා මට ගුරුවරයෙක් වගේ.ඒ වගේම තමයි මට මේ මේ ක්ෂේත්‍රයේ හම්බෙලා තියෙන හොඳම අධ්‍යක්ෂකතුමා ශිවගුරුනාදන් සර්.මොකද මම හැමදාම ෂූටින් යන දවසට එතන මට රංග පාසලක් වගේ.ඉතින් මං හිතනවා මගේ සාර්ථකත්වයට ශිවගුරුනාදන් සර් සහ ඒවගේම සජිත් ඇන්තනී සහ පාට කුරුල්ලො ටෙලි නාට්‍යයේ හැමෝම මගේ නිම්නාවි කියන චරිතය ගොඩනගාගන්න. ඒ හැමෝම නිම්නාවි කියන චරිතය හදාගන්න උදව් වුනා.නිම්නාවි ඉතින් සමීපයි කියන්නෙ, මම ඇත්තටම ආදරේ කරද්දි නිම්නාවී වගේ තමයි ආදරේ කරන්නෙ.මං හිතනවා සජිත් අයියගෙ සහ මගේ ඒ අතර තිබුණ සම්බන්ධය හදාගන්න ඒ නිසා හරිම ලේසි වුනා කියල.ඉතින් මම මගේ ජීවිතේ ඇතුලේ ආදරේ කරන විදිහට ම තමයි ඒ චරිතයට පණ පොවන්නේ.
📍 ───── Piyumali Edirisinghe ───── ( Interview By - Gamage Hansi / Writer & Official Interviewer Of Trendthink E - Magazine ❩ ✍️
💬 ❝ " රොන් සොයා " ටෙලි නාට්‍යයෙන් ඔබ ඉතාමත් ජනප්‍රිය වුණා .මේ සඳහා ඔබට ලැබෙන ආදරය ගැන සඳහන් කළොත් ?*
ඇත්තටම ගොඩක් සතුටුයි, මුලින්ම ' සාරා ' කියන චරිතයට පිරිමි ළමයින්ගෙන් ආදරයක් ලැබුණා .ඒ වගේම ඒ සමඟම ගැහැණු ළමයින්ගෙනුත් විශාල ආදරයක් ලැබුණා .ඒ ගැන ඇත්තටම සතුටුයි .ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙනවා .ඉදිරියටත් ප්‍රේක්ෂකයෝ මා සමඟ රැදී සිටීවි කියලා හිතනවා .ඉතින් , ඒ හැඟීම ඉතාම ආදරණීයයි ... ❞
📍 ──── Saara Aththanayake ────── ( InterviewBy - Dilki Nimeshika / Writer & Official Interviewer Of Trendthink E - Magazine ❩ ✍️
💬 ❝ සමාජ යතාර්ථය වින්දනාත්මකව ඔබේ නිර්මාණ තුල දකින්න ලැබෙනවා, ජනප්‍රිය කන්ටෙන්ට් ක්‍රියෙටර් කෙනෙක් විදිහට ඔබේ නිර්මාණ වලට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද? එම ප්‍රතිචාර ඔබ දකින්නේ මොන විදිහටද?
✘ සාමාන්‍යයෙන් අපි රිලේටට් කන්ටෙන්ට් තමයි හදන්නේ. ඇත්තටම අපි කරන්නේ අපිට වෙන දුක සහිත එපා වෙන සිද්ධි වලින් විහිලුවක් මතු කරලා ඒ සිද්ධිය ආපහු මතක් කරලා හිනා වෙන්න පුලුවන් තරමට වෙනස් කරලා අපි ඒක නිර්මාණය කරනවා. මං හිතනවා ප්‍රේක්ෂකයෝ ඒවා සතුටින් වැළදගන්නවා කියලා. මං නිර්මාණය කරන සිදුවීම් එයාලට වෙනකොට දුක් වෙන්න ඇති, Stress වෙන්න ඇති. නමුත් ඒවා එයාලා ආයේ බැලුවම හිනා යන්න මං ඒක හදලා තියන හන්දා ඒවාට ඉතාම හොද ප්‍රතිචාර දක්වනවා. ඇත්තටම ප්‍රේක්ෂකයන්ගේ comment එකක් share එකක් තරම් මට වටින දෙයක් නෑ. මම ප්‍රශ්න වලින් ඉන්න දවස් තියනවා. ඒ වෙලාවට තියන එකම සතුට ෆේස්බුක්, ටික්ටොක් ගිහින් ලැබෙන ප්‍රතිචාර බලන එක. නිකන්ම මගෙ මූණට හිනාවක් එනවා. මං සතුව තියන වටිනම දේ තමයි ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ධනාත්මක ප්‍රතිචාර. ❞
📍 ───── IRO SHAN ───── ❨ Interview By - Nadeesha Kulathunga / Writer & Interviewer Of Trendthink E - Magazine ❩ ✍️
💬 ❝ Trap Music ඇතුලෙ Drugs ගැන ලොකුවට කතා වෙනවා. Trap කරන්න Drugs එක්ක ගැටෙන්න ඕනමද ? Upcoming Trap Artist ලට මේ සම්බන්ධව ඔයාට කියන්න තියෙන්නෙ මොකක්ද ?
✘ ඇත්තටම කිවුවොත් මගෙ මියුසික් ගොඩක් තියෙන්නෙ Life storyත් එක්ක. අපි ඉපදුණු තැනයි සමාජ වටපිටාවයි එක්ක ඩ්‍රග්ස් කියන එක අපෙ ඇඟේ ගැටුණා.නමුත් මම ඩ්‍රග්ස් අනුමත කරන්නෙ නෑ.මොකද ඒවත් එක්ක ලොකු ගමනක් යන්න බෑ ගමන කෙටියි.Trap මියුසික් කරන්න ඩ්‍රග්ස් ඕනමයි කියලා නෑ මොකද ඒක ඇතුළේ කතාකරන්නෙ ඒ දේවල් ගැනම නොවන නිසා. Upcoming artistලට කියන්නෙ මේ ගේම් එක අතාරින්නෙ නැතුව ඩ්‍රග්ස්වලට හිර නොවී හරි විදියට අල්ලන් යන්න කියලා.මම ඇත්තටම ආසයි මම මැරෙන්න කලින් මගේ ප්‍රාන්තෙන් Trap ආර්ටිස්ට්ලා 100ක් දකින්න.ඉතින් හැමෝටම මට පුළුවන් විදියට මම සපෝර්ට් එක දෙනවා. ❞
📍 ──── Sosa Lean ──── ❨ Interview By - Gayani Sanjula / Writer & Interviewer Of Trendthink E - Magazine ❩ ✍️
💬 ❝ කෘෂිකර්මාන්තය පිළිබඳ කතා කරද්දි අද සමාජයේ ඉහළ ආකර්ෂණයක් නොමැති ක්ෂේත්‍රයක් විදිහට අපි දකිනවා.. විශේෂයෙන් තරුණ ප්‍රජාව ඇඟ වෙහෙසවා කරන මෙවැනි කටයුතු වලට අලසයි. නමුත් ඔබ තරුණයෙක් විදිහට ඇයි මේ අංශය තෝරාගත්තේ ?
✘ දැන් අද වෙනකොට මේ ගොවිැන කියන දේ ඉස්කෝලෙකින් වුණත් ගොවිතැන කියන දේ කියන්නේ උඹට ඉගෙන ගත්තෙ නැත්නම් කොටන්න වෙන කියන අදහසනේ. අන්න ඒ අදහස මට මතකයි ඉස්සර අපේ ගුරුවරුත් දැම්මා.අද කාලේ වෙලා තියෙන්නේ කවුරුත් ඒක කරන්නේ නැතිවෙන්න හේතු තමයි මේ අර ලැජ්ජාව තමන්ට සල්ලි ටිකක් ගන්න තමන් ලැජ්ජා වෙන්න ඕනේ නැහැ. තමන්ගෙ ඇඟටත් හොඳයි තමන්ගේ හිතටත් හොඳයි. තමන්ගේ මනසටත් ඒක හොඳයි. ඒක මාර පහසුවන්නේ ඒ හින්ද තමයි ගොවිතැන් කරන්නේ. ඒක මාර සතුටකින් කළොත් ඒක මාර සතුටු අස්වැන්නක් දෙනවා. දැන් තරුණියෝ වශයෙන් දැන් කරන එකපාර දියුණු වෙන්නනේ බලන්නේ ඒක ෆෝන් වලට සීමාවෙලා හීනත් ෆෝන් වලට දාගෙන කම්මැලි වෙලා ඔහේ ගෙවල්වලට වෙලා එක එකාට බැණ බැණ තමන්ගේ කාලේ නාස්ති කරගන්නවා. විසිපහක් වෙද්දී තමන්ට වෙන දේ හිතාගන්නත් බෑ.ආර කියන්නෙ කතාවක් හිතෙන දේ වෙන්නෙත් නෑ වෙන්නෙත් නෑ. වෙන දේ හිතා ගන්න බෑ කියලා.ඒ නිසා අර කම්මැලිකම කියන එක ප්‍රධාන හේතුවක් ඉතින් ෆෝන් එකට සීමා වූ ජීවිත නිසා.ඉතින් අපරාදේ ඒ නිසා මම මේක ලස්සනට කරගෙන යනවා. ❞
📍 ─── ටිටියා ──── ❨ Interview By - Dilmi Hewavitharana / Writer & Interviewer Of Trendthink E - Magazine ❩ ✍️
💬 ❝ මධු කියන්නේ වත්මන් රූපලාවන්‍ය ශිල්පියන් අතරින් ප්‍රේක්ෂක ආදරය නොමදව ලබන දක්ෂ වගේම හැඩකාර රූපලාවන්‍ය ශිල්පිනියක්. ඉතින් ඇත්තටම මුලින්ම කතාබහ පටන් ගමු කොහොමද මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ?
✘ ඇත්තටම කිවුවොත් ඔබ නිවැරදි රූපලාවන්‍ය ශිල්පිනියක් විදියට තමයි මාව අඳුරන්නේ සැලොන් රුවැත්ති කියලා මම හැදුනේ පුංචි ගමක අම්පේ ගම කියලා චූටි ගමක හැබැයි මුළු රටම අම්පේගම දන්නවා මගේ වීඩියෝ රූපලාවණ්‍ය කටයුතු නිසා මාව වගේම මගේ ගම පිළිබඳව දන්නවා. ඉතින් මට සතුටුයි මගේ මේ ගමන පිළිබඳව ක්ෂේත්‍රයට පැමිණීම පිළිබඳ ප්‍රකාශ කරන විට හැමෝම පුදුම වේවි මොකද මගේ පාසල් ජීවිතෙන් පසු මම විවිධ රැකියාව නිරත වුණා . අහම්බෙන් රූපලාවන්‍ය පාඨමාලාවක සම්බන්ධ වීමෙන් පසු මගේ මුල් අඩිතාලම නිර්මාණය වුණා .මම සිදු කරන රැකියා ආයතනයේදී රූපලාවන්‍ය කටයුතු පොඩියට සිදු කරගෙන ගියා. එහෙම පටන්ගත්ත ජීවිතේ අද මම මේ තත්ත්වයේ ඉන්නේ.එදා මම චූටි කාමරයක තනියෙන් පටන් ගත්ත වැඩේ අද මන් ළඟ ළමයි පස් දෙනෙක් වැඩ කරනවා. ඉතින් හරිම සතුටුයි මට .මේ විදියට තමයි මම ක්ෂේත්‍රයට ආවේ ... ❞
📍 ──── Madhu Galle ───── ( Interview By - Hiruni Kavindeya / Writer & Official Interviewer Of Trendthink E - Magazine ❩ ✍️
💬 ❝ අත්දැකීම් ගොන්නක එකතුවක් තමයි නිර්මාණයක් කියන්නෙ.ඉතින් ගිය ඉරිදා ඔබ වැහිදාර කෘතිය එලිදැක්වුවා.ඒ කෘතිය ගැන සහ ඒ සදහා පාදක වූ වස්තු බීජය පිලිබද කිව්වොත්?
✘ මාව පෞද්ගලිකව දන්න අය දන්නවා මගේ විෂය මනෝවිද්‍යාව බව. මම උගන්වන්නේත් මනෝවිද්‍යාව ම යි. ඉතින් බොහෝ වෙලාවට වැඩ කරන්නේ, විවිධ මානසික තත්ත්වයන් පවතින මිනිස්සු එක්ක. ඒ වගේ ම මේ කාලයේ මම වැඩ කරන නානාප්‍රකාර අත්දැකීම් ම පිරුණ අත්දැකීම් විශ්වවිද්‍යාල රැකියාවේ දී අහම්බයෙන් මගේ මනෝ උපදේශන කටයුතුවලට සම්බන්ධ වුණ පුද්ගලයෙක් මට කිව්ව ඔහු ගේ කතාව තමයි, කෘතියේ වස්තු බීජය වුණේ. කෘතියේ එළිදැක්වීම ගැන කතා කළොත්, ඒක කළේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ. ශ්‍රී ලාංකේය ගායන වංශ කතාවේ වාර්තා පිට වාර්තා තබපු, සිංහල සංගීතයේ නාදේශ්වරිය වුණ ආචාර්‍ය සුජාතා අත්තනායක කලාවේදිනිය තමයි උත්සවයේ මුලසුන දැරුවේ. ප්‍රවීණ ගායනවේදී ආචාර්‍ය දයාන් විතාරණ සූරීන්, විශාරද ප්‍රදීපා ධර්මදාස මහත්මිය, මගේ සහෝදර සූනිර සුමංග, මගේ අධ්‍යක්ෂක අචින්ත තිලකරත්න මහත්මා ඇතුලු හිතවත් කථිකාචාර්‍යවරුන් ආචාර්‍යවරුන් ඇතුලු ඉතා ම වටිනා හදවත් ටිකක් ඒ දවසට එකතු වුණා. ඒක මට මහා ගෞරවයක්. ඉතින් කෙටියෙන් ම, ඒ දවස හරි ලස්සන යි ! ❞
📍 ───── Panindu Widane ───── ❨ Interview By - Kaveesha Sandeepani / Writer & Official Interviewer Of Trendthink E - Magazine ❩ ✍️
💬 ❝ රංගනය සිය ජීවිතය කොට ගත් වර්තමානයේ වෙනස් මාවතක් ඔස්සේ දක්ෂතා පෙන්නුම් කරන අයෙක්. කැමතියි ක්ෂේත්‍රය තුළ ඔබේ ආරම්භය ගැන අතීත මතකයන් නැවතත් ආවර්ජනය කරනවා නම් ?
✘ ක්ෂේත්‍රය තුළ මගේ ආරම්භය ගැන කියනවනම් ඇත්තටම මම මුලින්ම ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ හඩකැවීම් ශිල්පියෙක් ලෙස ඒ pinna Production මාධ්‍ය ජාලය ඔස්සේ. එතනින් එහාට මම රංගනයට එකතු වන්නට මූලික අඩිතාලම ලැබෙන්නේ සිරස නාලිකාව ඔස්සේ. ඒ කොහොමද කියලා කියනවනම් Sirasa TV The Voice Sri Lanka Trailor එකත් සමග රංගනයෙන් දායක වුණා. ඉතින් ඒ අවස්ථාව මා හට ලබා දුන් Sirasa The Voice Sri Lanka තරගාවලයේ අධ්‍යක්ෂකතුමා වන ලිලාන් රත්නායක මහතාට ස්තූතිවන්ත වෙනවා මේ අවස්ථාවේ. ඊටත් පසුව තමයි වේදිකා නාට්‍යය රංගනය ඔස්සේ මම ක්ෂේත්‍රයට පූර්ණ වශයෙන් අවතීර්ණ වුණේ. ඒ ජනප්‍රිය ජයසිංහයන්ගේ සූට් බූට් පූසා වේදිකා නාට්‍ය ඔස්සේ.එහෙම තමයි ඉතින් ක්ෂේත්‍රය තුළ මගේ ආරම්භය. ❞
📍 ──── Mihiruk ───── ❨ Interview By - Co - Director & Official Interviewer Of Trendthink E - Magazine ❩ ✍️
ඇතුළු තවත් අතිරේක පිටු සමගින් 𝗧 𝗥 𝗘 𝗡 𝗗 𝗧 𝗛 𝗜 𝗡 𝗞 - 𝗘 - 𝗠 𝗔 𝗚 𝗔 𝗭 𝗜 𝗡 𝗘 '𝗦 153RD වැනි සගරාව ඔබේ ලඟටම !
◢ Official Cover Frame | A S H A N F E R N A N D O
◢ photography By | NEXUS Creations
◢ Interview By | Sewwandi Munasinghe
◢ Cover Designed | Sanjaya M Fernando ( Owner & Editor )
Sponsor By |
Special Thanks - Damindu Nidarshana | Ceylon Pharma College | Janith Sandeepa | J zand Photography | Our Team & All Supportive Peoples .! 🫶
Subscribe Us - https://www.youtube.com/ ❤🫂
🚫 | Qulity ලෙස කියවන්න PDF ලබාගන්න 𝗪𝗛𝗔𝗧𝗦𝗔𝗣𝗣 වෙත පණවිඩයක් යොමු කරන්න ! ☑✨
© ඔබේ අදහස්, යෝජනා, ව්‍යාපාරික දැන්වීම් සහ හොඳ නරක අප වෙත යොමු කරන්න. 🤝
🔖 BUSINESS PRAMOTION | SONG PRAMOTION | PHOTOSHOOT PRAMOTION | ANY OTHER PRAMOTIONS AVAILABLE ! ☑
• ᴄᴏɴᴛᴀᴄᴛ - + 94 72 815 45 41 📱( Sanjaya M Fernando )
• Whatsapp - https://wa.me/message/IGQQBZ2OBBDUC1
• Instagram - https://instagram.com/trendthink_e_magazine_
• TiKTok - tiktok.com/
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
❎ ❗ 𝗧𝗵𝗶𝘀 𝗰𝗼𝗽𝘆𝗿𝗶𝗴𝗵𝘁𝗲𝗱 𝗺𝗮𝘁𝗲𝗿𝗶𝗮𝗹𝘀 𝗼𝘄𝗻 𝗯𝘆 𝘁𝗵𝗲 𝗽𝗵𝗼𝘁𝗼𝗴𝗿𝗮𝗽𝗵𝗲𝗿. 𝗗𝗶𝘀𝘁𝗿𝗶𝗯𝘂𝘁𝗶𝗼𝗻, 𝗲𝗱𝗶𝘁𝗶𝗻𝗴 𝗮𝗻𝗱 𝗱𝗶𝘀𝗽𝗹𝗮𝘆 𝘄𝗶𝘁𝗵𝗼𝘂𝘁 𝗼𝘄𝗻𝗲𝗿𝘀 𝗽𝗲𝗿𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻 𝗶𝘀 𝗽𝗿𝗼𝗵𝗶𝗯𝗶𝘁𝗲𝗱. 𝗗𝗼 𝗡𝗼𝘁 𝘂𝘀𝗲 𝘄𝗶𝘁𝗵𝗼𝘂𝘁 𝘁𝗵𝗲 𝗲𝘅𝗽𝗿𝗲𝘀𝘀 𝘄𝗿𝗶𝘁𝘁𝗲𝗻 𝗰𝗼𝗻𝘀𝗲𝗻𝘁 𝗼𝗳 𝘁𝗵𝗲 𝗰𝗼𝗽𝘆𝗿𝗶𝗴𝗵𝘁 𝗵𝗼𝗹𝗱𝗲𝗿 .. ❗❎