25/08/2025
කොලු ගැටයා සහ ගුරුතුමිය
ඔන්න ඉතිං එක වසරේ පුංචි කොලු ගැටයෙකුගෙන් පන්ති පාර ගුරුතුමියට හරිම කරදරෙ. ඒ නිසා ගුරුතුමී තීරණය කරා මේ පුංචි ගොළුගැටයව විදුහල්පතිතුමාර ගාවට අරගෙන යන්න.
විදුහල්පති, ගුරුතුමිය හා පුංචි කොලු ගැටයා අතර සිදුවුණු දෙබසක් තමයි මේ.
විදුහල්පතිතුමා : මේ දරුවා අපේ මේ ගුරුතුමියට කරදර කරනවා කියන්නේ ඇත්තද?
කොලුගැටයා : මේකනේ සර් ප්‍රශ්නෙ, අපේ අක්කා ඉන්නේ පහ වසරෙ. ඒ උනාට අපේ අක්කට වඩා මොළේ මට වැඩියි. එනිසා මටත් පහ වසරට යන්න ඕන.
විදුහල්පතිතුමා : එහෙනම් මම ඔය දරුවාගෙන් පුංචිම පුංචි ප්‍රශ්න ටිකක් අහනව. ඒවා ඔක්කොටම හරියටම උත්තර දුන්නොත් විතරක් අපි ඔයාවත් පහ වසර පන්තියට මාරු කරනවා. කැමතිද?
කොලුගැටයා : මම කැමති විදුහල්පතිතුමනි.
ඔන්න විදුහල්පතිතුමා ප්‍රශ්න අහන්න ලෑස්තිය.
විදුහල්පතිතුමා : පළවෙනි ප්‍රශ්නය තුන්වරක් තුන කීයද
කොලුගැටයා : තුන් වරක් තුන නමයයි විදුහල්පතිතුමනි
විදුහල්පතිතුමා : එහෙනම් කියන්නකෝ බලන්න අටවරක් හත කීයද කියලා
කොලුගැටයා : අට වරක් හත පනස් හයයි සර්
ඒපාර විදුහල්පතිතුමා ගුරුතුමියට මෙන්න මෙහෙම කියනවා. මම හිතන්නේ මේ ළමයට පහ වසරේ ඉගෙන ගන්න දැනුම හොඳටම ඇති. අපි මෙයාව පහේ පන්තියට මාරු කරලා දාමු මිස්.
ගුරුතුමිය මෙහෙම විදුහල්පතිතුමාට කියනවා.
ගුරුතුමිය : සර් මට අවසර දෙනවනම් මම කැමතියි මේ ළමයගෙන් තව ප්‍රශ්න ටිකක් අහල මේ ළමයා හරියටම පහ වසරට සුදුසු කෙනෙක්ද කියලා පරික්ෂා කරන්න.
විදුහල්පතිතුමා : හරි කිසිම ප්‍රශ්නයක් නෑ.
ගුරුතුමිය : එළදෙනට හතරක් තිබෙනවා මට දෙකයි තියෙන්නෙ. ඒ මොකක්ද?
කොලුගැටයා : කකුල්
ගුරුතුමිය ඊළඟ ප්‍රශ්නෙත් අහන්න ලෑස්තියි
ගුරුතුමිය : ඔයාගේ කලිසමේ තියෙනවා. ඒත් මගේ සාරියෙ නෑ ඒ දේ මොකක්ද?
කොලුගැටයා : සාක්කුව නේද මිස් උත්තරේ
ගුරුතුමීය : පිරිමි අය හිටගෙන කරනවා. බල්ලෝ කකුල් තුනකින් කරනවා කියන්නකො බලන්න ඒ මොකක්ද කියලා?
විදුහල්පතිතුමන් දෑස් ලොකු කරගෙන බලා සිටි...
කොලුගැටයා : අතට අතදීම
ගුරුතුමීය : හ්ම් හරි එහෙනම් ප්‍රශ්න ටිකට උත්තර දුන්නනෙ. මම දැන් තේරවිලි කිහිපයක් අහන්න, පොඩ්ඩ සූදානම්ද?
කොලුගැටයා : මම සූදානම් මිස්
ගුරුතුමිය : මම ඇඟිල්ල ඇතුලට යනවා. ඒත් ඔයාට එපාවුනහම මාව ඇඟිල්ලෙන් අයින් කරනවා මම කවුද?
කොලුගැටයා : අයියෝ ලේසී එකක්නේ. කසාද මුද්ද.
ගුරුතුමිය : එහෙනම් දෙවනි එක. එක ප්‍රමාණවලින් පිහිටලා තියෙනවා ලෙඩ වුණාම මේකෙන් දියරයක් එන්නත් පුළුවන්. ඒ මොකක්ද
කොලුගැටයා : කල්පනා කර කර හිටපු පොඩ්ඩ උත්තර දෙනවා. නහය.
ගුරුතුමිය : මෙන්න ඊළඟ එක. F අකුරෙන් පටන් අරන් K අකුරෙන් ඉවර වෙන දේ මොකද්ද? හැබැයි මේක ගොඩක් උණුසුම් ම කියන්නකො බලන්න.
කොලුගැටයා : Firework (ගිණි කෙළි හෝ රතිඤ්ඤා)
ගුරුතුමිය : මේක කියන්නකො බලන්න. F අකුරෙන් පටන් අරන් K අකුරෙන් ඉවර වෙනවා. හැබැයි ඔයාට මේක කොහෙදි හරි ලැබුන්නැති වුනොත් ඔයාගේ අත පාවිච්චි කරලා තමයි භාවිතා කරන්න.
කොලුගැටයා : Fork (ගෑරුප්පුව)
ගුරුතුමිය : අපේ විදුහල්පතිතුමාටත් එකක් තියෙනවා. ඒ වගේම මටත් එකක් තියෙනවා. පොඩ්ඩ ඔයාටත් එකක් තියෙනවා. හැබැයි පාප් වහන්සේට මේ තියෙන එක පාප් වහන්සේ යූස් කරන්නේ නෑ . ඒ වගේම ඊට පස්සේ විවාහ වෙන කාන්තාවන්ට වෙනමම එකක් ලැබෙනවා පුලුවන්ද කියන්නේ මේ මොකක්ද කියලා
කොලුගැටයා : වාසගම
ගුරුතුමිය : එහෙනම් මගේ අවසන් ප්‍රශ්නය. මං මේ කියනදේ ඇතුලත කිසිම අස්තියක් නැහැ. එක එක ප්‍රමාණවලින් නහර තියෙනවා. හැබැයි ඒ වගේම ආදරේ කරන්න මේක නැතුව කොහොමත්ම බෑ. ඒ මොකක්ද?
කොලුගැටයා : හදවත
ගුරුතුමිය : සිනාසෙමින් හරි සර් මම ප්‍රශ්න අහල ඉවරයි.
විදුහල්පතිතුමා : මේ කොල්ලා පහ වසරට නෙමෙයි කෙලින්ම දහයේ පන්තියට දාන්න පුළුවන් මිස්. අන්තිමට අහපු හැම ප්‍රශ්නෙකටම මම හිතපු උත්තරෙත් වැරදියි මිස්. 🤣