30/11/2020
බිත්තර කරි
•••••අවශ්‍ය ද්‍රව්‍ය
• තම්බා කටු ඉවත් කරගත් බිත්තර 5
• මහදුරු තේ හැඳි 2
• කුරුඳු පොඩි කෑල්ලක්
• චොප් කරගත් ළූණුගෙඩි 2
• චොප් කරගත් තක්කලි ගෙඩි 2
• තලාගත් ඉඟුරු සුදුළූණු තේ හැන්දක්
• මිරිස් කුඩු තේ හැඳි 2
• කොත්තමල්ලි කුඩු තේ හැඳි 2
• කහ කුඩු තේ හැඳි 1/2
• ගාගත් පොල් කප් 1/2
• ලුණු
• කොත්තමල්ලි කොළ මිටක්
•••••සාදන ආකාරය
• තෙල් ටිකක් රත් වෙන්න තියල ඒකට මහදුරු, කුරුඳු එකතු කරල විනාඩියක් විතර බැදගන්න.
• ඉන් පසු ළූණු සහ ලුණු එකතු කරල ළූණු ටික දුඹුරු පැහැයට හුරු රන්වන් පැහැ වෙනකන් තෙම්පරාදු කරගන්න.
• ඒකටම තක්කලි එක්ක ඉඟුරු සුදුළූණු එකතු කරන් හොඳින් මිශ්‍ර කරගෙන, තක්කලි ටික තැම්බෙනකම් අඩු ගින්දරේ තෙම්පරාදු කරගන්න.
• මේකට පොල් ටිකත් එකතු කරන් විනාඩි දෙක තුනක් මිශ්‍ර කරන ගමන් ලිපේ තියාගෙන, ලිපෙන් ඉවත් කරල නිවාගන්න.
• මේ මිශ්‍රණය වතුර ස්වල්පයක් එකතු කරල බ්ලෙන්ඩ් කරගන්න.
• තෙල් ටිකක් රත් වෙන්න ලිපේ තියල ඒකට හදාගත්ත මසාල මිශ්‍රණය එකතු කරගෙන බිත්තර සහ කොත්තමල්ලි කොළ ඇර අනෙක් සියල්ලම එකතු කරගෙන තෙල් ගතිය මතු වෙන තුරු පිස ගන්න.
• එයට වතුර ටිකක් එකතු කරගෙන තම්බාගත් බිත්තර වල වෙන් නොවෙන විදියට පැලුම් කීපයක් දාගෙන බිත්තර ටිකත් එකතු කරගෙන හිඳෙනකම් මදගින්නේ පිසගන්න.
• අවසානයට කොත්තමල්ලි කොළ ටික උඩින් ඉසගන්න. 😊😊