Kaushal Ranasinghe

Kaushal Ranasinghe Activist| Journalist and Law Advocate [LL.B - UK/ PGD-Gender and Health - Colombo, SL] Sexual Reproductive Health and Rights Champion

24/12/2025

මන්දස්මිත කිය වූ පාඨකයෙක් දුන්න නත්තල් තෑග්ගක් ❤

➡️ආභරණ පැළඳීම පිරිමින්ට අයිති දෙයක් නොවේද? ⁉️️(දන්නා කෙනෙක් සමග කළ සංවාදයකට පසුවයි මේ ලිපිය පළ කරන්නෙ.)ඈත අතීතයේ සිටම පි...
19/12/2025

➡️ආභරණ පැළඳීම පිරිමින්ට අයිති දෙයක් නොවේද? ⁉️️
(දන්නා කෙනෙක් සමග කළ සංවාදයකට පසුවයි මේ ලිපිය පළ කරන්නෙ.)
ඈත අතීතයේ සිටම පිරිමි, විශේෂයෙන්ම ගෝලිය දකුණ වන භාරතය, ලංකාව තුල ආභරණ පැලදුවා.
කර්ණ ආභරණ, මාල, බඳ පටි, පා ආභරන, මුදු සහ අත් වළලු ඒ අතර තිබෙනවා.
නමුත් පසුකාලිනව ඒ සංස්කෘතිය වෙනස් වූවා විතරක් නෙමේ, එලෙස ආභරණ පළදින අයගේ පිරිමි කමේ අඩුවක් ඇති බව සමාජ ගත වූවා.

➡️ කවද්ද, කවුද අපේ සංස්කෘතියේ ආභරණ පැළඳීම ගැහැණුන්ට අයිති දෙයක් බවට මතය වෙනස් කළේ⁉️️

ඇත්තටම බටහිර ජාතිකයන් භාරතයට සහ ලංකාවට පැමිණි පසු ඔවුන් අපේ රජවරු, මහ රාජා වරු සහ වංශවතුන් පහත් කිරිමේ අදහසින් මේ අදහස සමාජ ගත කළා. ආභරණ පැළඳීම ගැහැණුන්ගේ කාර්‍යක්, කර්ණ ආභරණ පළදින්නෙ ලිංගික බෙල හීනයින්... වගේ අදහස් සමාජ ගත වුණා.
වසර 500ක් තිස්සෙ අපේ නිදහස් විලාසිතා සංස්කෘතිය ඔවුන් දිය කරල දාපු නිසා තමයි, අදටත් අපේ සමහරක් වයසක මහත්වරු මෙන්ම ඇල්පා මෝල් වරු නිදහසේ විලාසිතා කරන පිරිමින්ට gay ලේබලය අලවන්නෙ/ නැතිනම් රස්තියාදු කාර ලේබලය ගසන්නේ.

නමුත් පුරාතන කැටයම්, හෝ සිතුවම් වල ඉන්නා පුරුශයන් නිදහසේ විලාසිතා කිරිම පිළිබඳව ඔවුනට ඇති අදහස කුමක්ද?

➡️ එදා හෙළදිවේ රොබට් නොක්ස් කෙස් වැටි දිගට ඇති, මල් පලදපු පුරුශයන් ගැන කියනවා නමුත් එය පහත් කර දකින්න තරම් අපිව පහළට වැටුනේම යටත් විජිත කරණය නිසාමයි. මම දකින්නෙ අපි යටත් විජිත මානසිකත්වයෙන් බුද්ධිමත්ව ඉවත් විය යුතුය. නැතිනම් අප අප විසින්ම සිර කූඩුවක් ඉන්න කුරුල්ලන් බවට පත් වනු ඇත.

‼️ විශේෂයෙන් ගෝලීය දකුණ හෙවත් ග්‍රිශ්ම කලාපිය රටක ඇතුළෙන් තැම්බි තැම්බි දිග ඇදුම් ඇදීමද බ්‍රිතාන්‍යන් බලෙන් එබ්බවූ සංස්කෘතියක්... එය කොයිතරම් දුර දිග ගියාද කියනවා නම්...
➡️ බුදුන් වහන්සේ විනයේ භික්ෂුණින් වහන්සේලාට කරන්න එපා කිව්ව "කංචුක පැළඳීම, හෙවත් හැට්ටා ඇදීම විනය නීතියක් බවට පත් වෙලා"
ඔය දේ හොඳින් අධ්‍යනය කළ අයෙක් තමයි සෝලියස් මෙන්ඩිස්, ඔහු නිසි භික්ෂුනී විනය අධ්‍යනය මත කැළණියේ සිතුවම් කළ සංඝමිත්‍රා සිතුවම බලන්න, ඒකාංශ සිවුර එය මනාව පෙන්වනු ඇත. නමුත් අද විලාසිතවක් ව ඇති යශෝධරා පිළිම වලට බුද්ධ විනයට පිටු පා හැට්ට පළඳවා ඇත්තේ, ගැහැනුන්ගේ කර දෙවුර නොපෙනිය යුතුයි කියන, පුරාණ බටහිර සංකල්පය මත බව තේරුම් ගනිමු.

✅ මේ ඡායාරූපය මීට වසරකට පෙර "ශාකුන්තලය" නර්ථන නාට්‍යයේ දී මා දුශ්‍යන්ත ලෙස රඟ දැක්වීමට පෙර ගත් ඡායාරූපයක්.
➡️ නැවතත් ඔබට පැරිසියේ දී ඔබට එම නාට්‍ය නැරඹීමට හැකිය, ජනවාරි 10/11 දෙදින තුලදි.

කෞෂාල් රණසිංහ
19/12/2025

‼️"ශකුන්තලා" ඉන්දියානූ නර්ථන නාට්‍ය නැවත 2026 ජනවාරි 10 සහ 11 යන දෙදින තුල වේදිකාගත වෙනවා.❤මේක මට ලැබුණු ලස්සන අවස්ථාවක්...
15/12/2025

‼️"ශකුන්තලා" ඉන්දියානූ නර්ථන නාට්‍ය නැවත 2026 ජනවාරි 10 සහ 11 යන දෙදින තුල වේදිකාගත වෙනවා.
❤මේක මට ලැබුණු ලස්සන අවස්ථාවක්, මේ ගිය වර එහි ප්‍රථම වේදිකා ගත වීම ප්‍රංශ කෞතුකාගාරයක් මුල් වීමෙන් සිදු වුණ අවස්ථාවේ ලංකාවේ හිරු මාධ්‍යයේ පළ වු ආර්ටිකල් එකක්.❤

➡️ පැරීසියේ පැවැත්වෙන වේදිකාගත වීම පිළිබඳව වැඩි විස්තර පළමු කොමෙන්ටුවේ.

❤ මම කැමති මම හදන ආහාර, බෙදා ගන්න... මම ඒ නිසාම සමහර හිතවතුන්ට කෑම වේලකට ආරාධනා කරනවා.  ඒක මගේ Healing therapy එකක්! මේ ...
14/12/2025

❤ මම කැමති මම හදන ආහාර, බෙදා ගන්න... මම ඒ නිසාම සමහර හිතවතුන්ට කෑම වේලකට ආරාධනා කරනවා. ඒක මගේ Healing therapy එකක්! මේ අසපුවේ වැඩ සිටින සංඝයා මට ධර්මයෙන් උපකාර කරනවා.. ඉතින් ඒ කළණ මිතු සඞඝයා ඊයේ දිනයේ මා බැහැ දැකීමට ගියා.
➡️ඉතින් මා අතින්ම හදා ගත් මාළු පිණි වලට, හිතවතෙක් සැකසූ රසවත් ෆ්‍රයිඩ් රයිස්
ඊයේ දිනයේ සංඝයාට දානයක් ලෙස පූජා කරන්න ලැබුණා. උපන් දිනය මෙන්ම, සුළි කුණාටුවෙන් මිය ගිය අපේ සහෝදර සහෝදරියන් සිහිපත් කරා... මේ දානයට මට පැරිසියේ ඉන්න ශේන් සහෝදරයා උපකාර කළා!
➡️මේ මොහොතේ පීඩනයෙන් ඉන්න කෙනෙක්ට, සංඝයාට දුන් දානය පිළිබඳව සිත සතුටු කරගන්න පුලුවනි. ඔබට මේ වෙලාවේ දානයක් දී වෙන් වූ හිතවතුන් සිහිපත් කරන්නට බැරි නොවුනට..
මගේ මේ දානය ගැන සතුටු සිත් උපදවා වෙන් වූ හිතවතුන්ට "වෙන ලොවක් ඇත්නම් එය සුවපත් කරගන්න ආදරය පා කර යැවිය හැකිය... ඒ නැතත් ඔබට සුවපත් විය හැකිය"

14/12/2025

ඔන්න ඉතින් පවුලේ බාලයාත් officially උපාධිධාරි සංගමයට එක්කහු වුණා. මගේ පොඩි නංගි, විශෝධා රණසිංහ NSBM එකේ දී තමන්ගේ උපාධිය...
13/12/2025

ඔන්න ඉතින් පවුලේ බාලයාත් officially උපාධිධාරි සංගමයට එක්කහු වුණා. මගේ පොඩි නංගි, විශෝධා රණසිංහ NSBM එකේ දී තමන්ගේ උපාධිය ගත්ත අවස්ථාවට පවුලේ අය එක්කහු වුනාට මට යන්න අවස්ථවක් ලැබුණේ නෑ, මම ඉතින් එයාට එයා ආසම දම් පාට කපුරු මල් තෑගී කළා.
එයාගේ පළවෙනි official assignment එක තමයි මගේ කාමරේ interior design කරන එක මම ලංකාවට එන්න කලින්🤭🤣

ඉතින් සුභ පැතුම් ආදරණීය පොඩ්ඩි!

13/12/2025

13/12/2025

අපේ ගෙදර වෙසක් සමරනවා මම නිසා, නමුත් අපේ ගෙදර නත්තලත් සමරනවා ඒ නික් ඔප්පා නිසා ❤... ඉතින් මේ අපේ පුංචි නත්තල් ගහ

Sun, Paris & La Seine ❤
08/12/2025

Sun, Paris & La Seine ❤

‼️පසුගිය ඉරිදා (30/11/2025) මව්බිම පුවත්පතට DNA පිළිබඳව නීතිය සහ විද්‍යාත්මක දත්ත මත පදනම් කර ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකි‼...
04/12/2025

‼️පසුගිය ඉරිදා (30/11/2025) මව්බිම පුවත්පතට DNA පිළිබඳව නීතිය සහ විද්‍යාත්මක දත්ත මත පදනම් කර ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකි‼️
✅ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අපරාධ සහ සිවිල් නීතිය යටතේ DNA පිළිබඳව වෙනම සාක්ෂි පනතක් ගෙන ඒමේ වැදගත්කම මා මෙහිදී ඉස්මතු කළා.
✅ එමෙන්ම මෙම සාක්ෂි ඉතිහාසය පිළිබඳවත්, සාක්ෂි ආඥා පනත සහ අපරාධ නඩු විධිවිධාන පනත මුල්කර සිදු වූ නීතිමය ඉතිහාසයද පැහැදිලි කළා.

මෙම ලිපිය සැකසුවේ මාධ්‍යවේදී ගිහාන් සචින්ත විසිනි.
➡️ලිපිය කියවීම සඳහා පහත ලින්ක් එකට පිවිසෙන්න

‼️ දශක තුනක දෙවෙනි අවුරුද්දට පා තැබුවා. ඉතින් සමරන්නේ කොහොමද සරුවට... නමුත් හිතට සතුටුයි, මොකද මේ වෙලාවෙ අවශ්‍යම අයත්, ල...
03/12/2025

‼️ දශක තුනක දෙවෙනි අවුරුද්දට පා තැබුවා. ඉතින් සමරන්නේ කොහොමද සරුවට... නමුත් හිතට සතුටුයි, මොකද මේ වෙලාවෙ අවශ්‍යම අයත්, ලංකාවේ සහෝදරියන් සහ දරුවන් එක්ක මගේ තෑගී බෙදා ගත්ත නිසා!

➡️ ඒත් ඊයේ තෑගි වලට ලැබුණු රසවත් කේක් ගෙඩියක 30 සමරන්න ගෙනල්ල තිබ්බ 3 ඉටි පන්දමයි, තව ඉටි පන්දම් දෙකක් ගහලා 32 සැමරුවා.... ඉතින් එච්චරයි!

✅ මේ 32ට මට හැරිලා බලන්න හොද මතක ගොඩක් තියෙනවා... තරණය කරපු කාල වකවානූ මාව ඔප දාලා තියෙනවා..."කොටින්ම කිව්වොත් මගේ ජිවිතය බෝරින්ග් නෑ!"
❇️ප්‍රංශයේ නැටුම් තරගාවලියකින් ජයග්‍රහණය කළා
❇️ ලංකාවේ Best selling පොතක් වුණ "මන්දස්මිත" සමාජගත කළා
❇️මේ අවුරුද්දෙත් 100කට වැඩි ලාංකිකයන්ට ප්‍රංශයේ ජිවිත කාලෙම ඉන්න වීසා ලබා ගන්න නොමිලේම උපකාර කළා
❇️රස්සාව පැත්තෙන් ගත්තොත් 'යුරෝපා සංගමයේ සමුළුවක' වාඩි වෙලා සංක්‍රමණිකයන්/සරණාගතයන් වෙනුවෙන් කතා කළා/ ප්‍රතිපත්ති සැකසීමට දායක වුණා.
❇️අලුත් master උපාධියක් කරන්න තේරුනා
❇️ දැන් තවත් පරිවර්තනයකට සූදානම් වෙනවා

ඉතින් මේ මගේ පසුගිය වසර❤

‼️ මම ගෙදර මිනිස්සුන්ට, යාළුවන්ට, කියන එක දෙයක් තියෙනවා... මට 35 සමරන්න තිබ්බ නම් හොදටම ඇති කියලා 🤭😘 ඉතින් ඒ වෙලාවට බැණුම් අහන එක වෙන්නෙ.
නමුත් 75 මොකද, 35 මොකද?

"මට ඕන තෘප්තිමත් මනුස්සයෙක් විදිහට යන්න! ඉතින් ඉතුරු කාලය මම හරියට ගත කළොත් මට තෘප්තිමත් වෙන්න පුලුවන් වේවි.

‼️ මගේ නිර්වචනයට අනුව; තෘප්තිමත් බව කියන්නෙ තමන්ට හැරිලා බලද්දි සතුටු හිතෙන, පසුතැවිම් නැති ජීවිතයක්!
✅ ඊළග උපන් දිනය හැකි වුනොත් ලංකාවේ පවුල, යහළුවන් එක්ක සමරන්න අහිංසක පැතුමක් තියෙනවා ❤

03/12/2025

Adresse

Paris

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Kaushal Ranasinghe publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L'entreprise

Envoyer un message à Kaushal Ranasinghe:

Partager

Journalist and Activist Diary...

Journalist, Social Activist, HIV / Gender Equality/ SRHR Advocate and Trainer