Silent feeling

Silent feeling Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Silent feeling, Digital creator, Colombo.

31/07/2026

පළමු පිටුව නුඹ නොවන වග සැබැයි,
එහෙත් මගේ කතාවේ "සදාකාලික" පරිච්ඡේදය නුඹයි.
​අතීතයේ බොඳවූ රේඛා මැකී යන කල
දිවියේ සැඳෑ වෙරළේ
මා අල්ලා ගන්නා අවසන් දෑත
නුඹේ දෑත වේවා..
​හුස්ම පොදට සමුදෙනා
ඒ අවසාන නිමේෂයේ,
මගේ දෑස් මත ඉතිරිවන
අවසන් මතකය
නුඹේ රුවම පමණක් වේවා...

අයිතියක් නැති වුවද ප්‍රේමයෙන් තුරුළු වෙමි..කවි පුරා නුඹ ලියමි..නොකියවන බව දනිමි..දුකින් මිදීමට නම්, අත හැරිය යුතු බව දනි...
20/07/2026

අයිතියක් නැති වුවද ප්‍රේමයෙන් තුරුළු වෙමි..

කවි පුරා නුඹ ලියමි..

නොකියවන බව දනිමි..

දුකින් මිදීමට නම්, අත හැරිය යුතු බව දනිමි...

අත හරිනු කෙලෙසකද තාම මම නොදනිමි.....

එකපාර්ශ්වීය ආදරේ කියන්නේ...පිළිතුරක් බලාපොරොත්තුවෙන් ආදරේ කරන එක නෙවෙයි.එය කියන්නේ,කිසිම දවසක තමන්ට අයිති නොවන හදවතක් වෙ...
14/07/2026

එකපාර්ශ්වීය ආදරේ කියන්නේ...පිළිතුරක් බලාපොරොත්තුවෙන් ආදරේ කරන එක නෙවෙයි.

එය කියන්නේ,කිසිම දවසක තමන්ට අයිති නොවන හදවතක් වෙනුවෙන්නිහඬවම ප්‍රාර්ථනා කරන එක.

ඔයාට මංසාමාන්‍ය මනුස්සයෙක් වෙන්න ඇති.

ඒත්...මට නම් ඔයාමගේ මුළු ලෝකයම වුණා.

මගේ ආදරේඔයාට බරක් වෙන්න ඇති.

ඒ නිසාමමං එය වචනවලට නොගෙන,නිහඬවම හිතේ තියාගත්තා.

ආදරේ හැමදාමලැබීමෙන්ම මනින්න බැහැ.

සමහර ආදරදුරින් ඉඳන්,කිසිම අයිතියක් නැතුව,කෙනෙක්ගේ සතුට වෙනුවෙන්ම හිනාවෙන්න උගන්වනවා.

ඒ තමයි...එකපාර්ශ්වීය ආදරේ.

හිත රිදෙන තරමට ලස්සන,ඒත් කවදාවත් තමන්ගේ නොවනනිහඬ ආදරයක්... 🤍

මං දන්නෙ මෙච්චරයි... මේ ලෝකේ හැම හදවතක්ම ආදරය ඉල්ලනවා. 🤍ඒත් ඒ ආදරය මහ හඬින් කියන්න ඕනි දෙයක් නෙවෙයි... 🌙✨වෙහෙසුණු හිතක් ...
07/07/2026

මං දන්නෙ මෙච්චරයි... මේ ලෝකේ හැම හදවතක්ම ආදරය ඉල්ලනවා. 🤍

ඒත් ඒ ආදරය මහ හඬින් කියන්න ඕනි දෙයක් නෙවෙයි... 🌙✨
වෙහෙසුණු හිතක් ළඟ නිහඬව නතර වෙන එකත් ආදරයක්...
කිසි හේතුවක් නැතුව "පරිස්සමින් ඉන්න" කියලා අහන එකත් ආදරයක්...
කෙනෙක්ව වෙනස් කරන්න නොහදමින්, එයා ඉන්න විදියටම වැළඳගන්න එකත් ආදරයක්... 🫂🤍

අපි නොදකින යුද්ධ ගොඩක් මිනිස්සු තමන් ඇතුළේම සටන් කරනවා...
ඒ නිසා වචනයක් කියන්න කලින් හිතන්න...
තීන්දුවක් දෙන්න කලින් තේරුම් ගන්න උත්සාහ කරන්න...

සමහර වෙලාවට හිතක් බේරෙන්නේ බෙහෙත්වලින් නෙවෙයි... 💚
අවංක වචනයකින්...
උණුසුම් බැල්මකින්...
අත් නොහරින මනුස්සකමකින්... 🕊️✨

අපි මේ ලෝකෙන් අරගෙන යන්නේ කිසිම දෙයක් නෙවෙයි... 🌍
ඒත් අපි නිසා කෙනෙකුගේ හිතේ පිපුණු හිනාවක්, බිඳුණු හිතකට දීපු සැනසීමක්, අඳුරු දවසකට දීපු ආලෝකයක්... ඒවා නම් කවදාවත් මැකෙන්නේ නැහැ. 🤍

ඉතින්... ජීවිතේ කොච්චර කෙටි වුණත්, පුළුවන් නම් කෙනෙකුගේ හිතට බරක් නොවී, සැනසීමක් වෙලා යන්න. 🤍

අපි හැමෝම කෙනෙකුගේ කතාවක පුංචි චරිතයක් විතරයි... ඒ කතාවේ වේදනාවක් නොවී, හිනාවක් වෙන්න පුළුවන් නම් ඒක තමයි ලස්සනම ජයග්‍රහණය.

දවසක් අපිව මතකයට එනකොට, "ඒ මනුස්සයා නිසා මගේ හිත ටිකක් හරි නිවුණා..." කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් නම්... ඒ තමයි ජීවිතේ වටිනාම උරුමය. 🤍

මොකද... මිනිස්සුන්ගේ මතකවල රැඳෙන්නේ අපේ දේපළවත්, අපේ තනතුරුත් නෙවෙයි... අපි නිසා ඔවුන්ට දැනුණු ආදරය, කරුණාව, සහ හදවතට දැනුණු උණුසුමයි.

ඉතින්... මේ ලෝකෙට තවත් ලොකු මිනිස්සු වෙනවාට වඩා, කෙනෙකුගේ කඳුළු පිසදමන්න පුළුවන්, බිඳුණු හිතක් තේරුම් ගන්න පුළුවන්, ආදරය අහිමි නොකරන හදවත් තව ටිකක් බිහි වේවා... !

06/07/2026

නුඹට නොකියාම සිතේ සඟවන්
තිබුනා ප්‍රේමය පිරෙන්න
ආස උනේ මම දුරින් හිඳගෙන
දෑසේ ලස්සන බලන්න...
​අයිති වන්නට ඕන උනේ නෑ
තවකෙක්ගේ හිත බිඳින්න
අයිතියක් නැති ප්‍රේම කවියක
රස හැඟුම් කවි කරන්න...
​අප්‍රකාශිත ප්‍රේමයේ රහ
තවම විඳිනවා පැලෙන්න
රත්තරං උඹ කොහේ උන්නත්
සතුටින්ම දිවි ගෙවන්න...

05/07/2026

අහම්බෙන් හමුවුනත්
දෑත් අල්ලන් ඉන්න
මහන්සියි හිතුනහොත්
කමක් නෑ නුඹ යන්න
​උරහිසට බර වෙලා
හැකි තරම් හිනැහෙන්න
දුක් පිරුණු තැන්වලත්@
මට හැකිය ලඟ ඉන්න
​ඉතිං සොඳුර ;
​මේ භවෙ දැනුනහොත්
ලබන භවයෙත් එන්න..!!

02/07/2026

කරන්නට කිසි දෙයක් නැති තැන
මතක උඩ ඇවිදිමි
ගැලරියට එබෙමි..

එහෙ මෙහෙ දුවමි
​අහම්බෙන් නුඹේ රුව
ගැලරියේ දකිමි
පොටෝ දෙක තුනක් පෙරළා

පා පැටලි වැටෙමි
​හනි හනික නැගිට
වටපිට බලමි
හෙමි හෙමින් තුවාල
වී ඇත්ද බලමි

පිටතුවාල නොවෙමි.
හදවතින් ලේ ගලමි
​කවුරු හෝ දැකලදැයි
විමසිල්ලෙ බලමි
කලබලෙන් උවනතේ
කඳුළු බිඳු පිසිමි!

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Silent feeling posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share