13/09/2026
සාමාන්‍යයෙන් අපගේ ශරීරයේ ස්වාභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් මෙම වෛරසයට එරෙහිව ක්‍රියාකර, මාස 8-9 ක් වැනි කාලයක් ඇතුළත ඉන්නන් ස්වාභාවිකවම ඉවත් කර දමයි. එම නිසා කුඩා දරුවන්ගේ ඉන්නන් සඳහා හදිසි ප්‍රතිකාර කිරීමට වඩා, ඒවා පැතිරීම වැළැක්වීම ප්‍රමාණවත් වේ. බොහෝ දෙනෙකු රූපලාවණ්‍යාගාර වෙත ගොස් ඉන්නන් ඉවත් කරගැනීමට පෙළඹුණද, සමේ හටගන්නා සෑම ගැටිත්තක්ම ඉන්නන් නොවේ. ඇතැම්විට ඒවා සමේ පිළිකා තත්ත්වයන් හෝ පූර්ව පිළිකා තත්ත්වයන් විය හැක.