Colombo News

Colombo News Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Colombo News, Magazine, WVP6+4C9, Hulftsdorp St, Colombo 01., Colombo.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යධිකාරි රත්තනායක මුදියන්සේල...
19/06/2026

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යධිකාරි රත්තනායක මුදියන්සේලිගේ ගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත ඇප මත මුදා හැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියෝග කළා.

සැකකරුගේ විදේශ ගමන් බලපත්‍ර අධිතරණයට භාරදෙන ලෙසත් අධිකරණය සැකකරුට නියෝග කළා.

අල්ලස් කොමිසමේ නිළධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හම්බන්තොට ලුණු සමාගමට ඇසුරුම් මිලදී ගැනීමේදී රුපියල් 14300000 ක් පාඩුවක් රජයට සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අත් අඩංගුවට ගෙන තිබුණා.

අයථා ලෙස වත්කම් අත්පත් කර ගැනීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ  ආරක්ෂකයෙකු...
19/06/2026

අයථා ලෙස වත්කම් අත්පත් කර ගැනීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයෙකු වශයෙන් කටයුතු කළ නෙවිල් වන්නිආරච්චි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල නොවැම්බර් මස 29 වන දා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් පැවැත්වෙන බවයි.

ඒ අනුව මෙම නඩුකරය යළි නොවැම්බර් මස 29 වන ද කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් අල්ලස් කොමිසමට නියම කළා.

රුපියල් මිලියන 28කට අධික වත්කම් අයතා ලෙස උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව අල්ලස් කොමිසම විසින් නෙවිල් වන්නිආරච්චි මහතාට එරෙහිව මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන ප...
19/06/2026

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල යලි ලබන නොවැම්බර් මස 03 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බවයි.

ඒ අනුව එම විමර්ශනවල ප්‍රගතිය නොවැම්බර් මස 03 වනදා අධිකරණට දැනුම් දෙන ලෙසත් මහේස්ත්‍රත්වරයා අල්ලස් කොමිසමට නියම කළා.

ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු බැංකු ගිණුම් හදිසියේ ඉවත් කර ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 173 කට අධික පාඩුවක් සිදුකළ බව සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාට එරෙහිව මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විස...
19/06/2026

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළා.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ මෙම අධිචෝදනා පත්‍රයේ සෙසු විත්තිකරුවන් ලෙස සේපාලිකා සමන් කුමාරී සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය නම් කර තිබෙනවා.

මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 10 ක් ඉදිරිපත් කර ඇති අතර සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 30 දෙනෙකු සහ නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 38 ක්ද ඇතුලත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 8850000/- ක් වන්දි ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.

අලි ඇතුන් දුම්රිය වල ගැටී මරණයට පත්වීමේ සිද්ධීන් වැළැක්වීම පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා පත්කර ඇති කමිටුවේ ඉදිරි පියවර සහ...
19/06/2026

අලි ඇතුන් දුම්රිය වල ගැටී මරණයට පත්වීමේ සිද්ධීන් වැළැක්වීම පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා පත්කර ඇති කමිටුවේ ඉදිරි පියවර සහ දැනට අමාත්‍ය මණ්ඩලය නියමය පරිදි අලි ඇතුන් මරණ වැළැක්වීම සඳහා සවිකර ඇති කැමරා පද්ධතියේ ප්‍රගතිය පිළිබඳ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කළා.

ඒ අනුව අදාළ වාර්තාව ලබන දෙසැම්බර් මස 03 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අර්ජුන ඔබේසේකර සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නිකුත් කළ නියෝගයේ සඳහන් වුණා.

අලි සුරැකීමේ පරපුර ඇතුළු පරිසර සංවිධාන විසින් මෙම පෙත්සම ගොනුකර ඇති අතර එහි වග උත්තරකරුවන් ලෙස ප්‍රවාහන අමාත්‍ය,වරයා, පරිසර අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිනවා.

අලි ඇතුන් දුම්රිය වල ගැටී මරණයට පත්වීමේ සිද්ධින් වැළැක්වීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබූණා.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අලි ඇතුන් දුම්රිය වල ගැටී මරණයට පත් වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කර ඇති කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩල නියමය පරිදි සවිකර ඇති කැමරා පද්ධතියේ කටයුතු වල ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් ඉදිරියේදී අධිකරණය හමුවේ ගොනු කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළා.

එම කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම වාර්තාව දෙසැම්බර් 3 වනදා අධිකරණය හමුවේ ගොනුකරන ලෙස නියෝග කළා.

Court News🇺🇸 EnglishHome  ප්‍රධාන පුවත්SDIG වරුණට ස්ථාන මාරුවක්?June 18, 2026මාව අල්ලන්න එපා: සීනියර් ඩීඅයිජී උසාවි ගියේ...
18/06/2026

Court News
🇺🇸 English
Home ප්‍රධාන පුවත්
SDIG වරුණට ස්ථාන මාරුවක්?
June 18, 2026
මාව අල්ලන්න එපා: සීනියර් ඩීඅයිජී උසාවි ගියේ ඇයි?
0
SHARES
නැගෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන වරුණ ජයසුන්දර මහතාට ස්ථාන මාරුවක් ලබාදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිසම වෙත නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපති වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මෙම දැනුම් දීම සිදුකළා.

මෙම පෙත්සම ශෂී මහේන්ද්‍රන් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම විනිසුරු මඩුල්ල ඉකුත්දා නීතිපතිවරයාට යෝජනා කර තිබුණේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතු සිදුවන බැවින් නැගෙනහිර පළාතේ රාජකාරී කරන නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාට ස්ථාන මාරුවක් ලබාදීම සුදුසු බවයි.

ඒ පිළිබඳව පොලිස්පතිවරයා දැනුවත් කර ගනු ලබන පියවර අධිකරණයට දැනුම් දෙන ලෙසත් විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට නියම කර තිබුණා.

ඒ අනුව මේ නඩුකරය ඊයේ දින කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයට දන්වා සිටියේ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාට ස්ථාන මාරුවක් ලබාදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් අවශ්‍ය නිර්දේශ ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කර ඇති බවයි.

කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ...
18/06/2026

කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිර දඬුවම් නියම වී සිටින හිටපු ඇමති නලින් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 25 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළා.

මෙම පෙත්සම පී.කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විත්තිකරු වෙනුවෙන් නීතිඥ රම්සි බාචා මහතාගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධයන් අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවකට වරදකරු කළ සිය සේවා දායකයාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතළ වැඩ සහිත වසර 30 ක් සිර දඬුවමක් නියම කර තිබෙන බව සඳහන් කළා.

එසේ තිබියදී නීතිපතිවරයා විසින් එම චෝදනා සම්බන්ධයෙන් තවත් නඩුවක් ගොනු කර ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එකම චෝදනාවකට දෙවතාවක් නඩු පැවරීම නීතියට පටහැණි බවත් පෙන්වා දුන්නා.

මෙම කරුණ සම්බන්ධයෙන් සිය සේවා දායකයා මහාධිකරණ නඩු විභාගයේදී මූලික විරෝධතා මතු කළද මහාධිකරණ විනිසුරුවරයා එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

ඒ අනුව විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන චෝදනා පත්‍ර නීතියට පටහැණි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 25 වනදා දක්වා කල් තැබූ අතර එදින මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණය හමුවේ ඉදිරිපත් කිරිමට නියමිතයි.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් ආනයනය කර බෙදා හැරීම තුළින් රජයට රුපියල් මිලියන 39 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ඇමති නලින් ප්‍රනාන්දු මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාලව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ...
18/06/2026

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාලව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනාදීකරණය හමුවේ සලකා බැලීම ආරම්භ වුණා.

අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීම සිදුවුණා.

මෙහිදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අධිකරණ ස්වාධීනත්වය මෙන්ම පුද්ගල නිදහස අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබෙන බව සඳහන් කළා.

එම නිදහස සීමා කළ හැක්කේ අතිශය සීමිත අවස්ථාවල බවත් පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් පුද්ගලයින්ට යුක්තිය ඉටු කිරීම යනු කිසිදු සාධාරණ පදනමකින් තොරව පුද්ගලයින් අත් අඩංගුවට ගෙන සිරගත කිරීම නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

පුද්ගලයින් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීම සඳහා නීතියෙන් අවසර හිමිවී තිබෙන්නේ සීමිත අවස්ථාවල පමණක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා පුද්ගලයෙකු රිමාන්ඩ් භාරයට පත් කිරීම දඩුවමක් නොවිය යුතු බවත් සඳහන් කළා.

සිය සේවාදායකයා කිසිදු විමර්ශනයක් සදහා කැදවා නොමැති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඔහු අදාළ විමර්ශනයේ කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් එල්ල කර නොමැති බවත් සඳහන් කළා.

කිසිදු සාධාරණ පදනමක් නොමැතිව වග උත්තරකරුවන් සිය සේවා දායකයාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් විදෙස් ගමන් තහනමක් ලබාගෙන තිබෙන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා පදනමකින් තොරව ඔහුගේ නිදහස සීමා කිරීමට විමර්ශනයකින් කටයුතු කර තිබෙන බවත් චෝදනා කළා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිය සේවා දායකයා අත් අඩංගුවට ගනු ලැබූවොත් ඔහුට ඇප ලබා ගැනීමට තිබෙන නිදහස අහිමි කෙරෙන අතර පෙත්සම්කරු මෙම අධිකරණය හමුවට පැමිණ සිටින්නේ ඒ නිසා බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

මෙහිදී විනිසුරු සරත් දිසානායක මහතා ප්‍රශ්නයක් මතු කරමින් යම් විමර්ශනයක් පැය 24 ක් තුළ අවසන් කිරීමට නොහැකි අවස්ථාවක මෙවැනි නීතිමය ප්‍රතිපාදන භාවිතා කිරීම සිදුවනවා නේදැයි විමසුවා.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥවරයා කියා පුද්ගල නිදහස අහිමි කිරීම සඳහා එවැනි අණ පනත් භාවිත කිරීමට හැකියාවක් නොමැති බවයි.

වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කෙරුණු වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පරීක්ෂණ කොමිසම විසින් දින 214 ක් තුළ පුද්ගලයින් 257 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගෙන තිබු බවත් සඳහන් කළා.

ඊට අදාළව එම කොමිසම විසින් වෙලුම් හයකින් යුත් වාර්තාවක් ඉදිරිපත් කළ බවත් එහි කිසිදු ස්ථානයක මෙම පෙත්සම්කරු ගැන සදහන් කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

ඊට අමතරව අදාළ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලු ජයකී ද අල්විස් කොමිසම විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න යන අයට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කටයුතු කරන ලෙස නිර්දේශ කර තිබු බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

ඊට අමතරව 2018 වසරේ මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය පිටුපස විදේශීය ත්‍රස්ත සංවිධානයක මැදිහත්වීමක් තිබෙන බවට කරුණු හෙළිදරව් වී තිබියදී ජාත්‍යන්තර පොලිසියේ සහය ලබාගෙන ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කිරීමට එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර කටයුතු නොකළ බවත් ඔහු චෝදනා කළා.

ඒ සම්බන්ධයෙන් ඔහු නොසැලකිල්ලෙන් කටයුතු කළ බව චෝදනා කල ජනාධිපති නීතිඥවරයා එවැනි අයෙකු සිය සේවා දායකයා අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන බවත් පැවසුවා.

එවැනි පුද්ගලයෙකු වර්තමානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරමින් පාස්කු ප්‍රහාර විමර්ශනය මෙහෙයවීම ගැටලු සහගත තත්ත්වයක් බවත් මෙවැනි පුද්ගලයකු විවිධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට ඉල්ලීම් කරන බවත් එහිදී නීතිපති දෙපාර්තමේන්තුව ද අසරණ වී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

එම අවස්ථාවේදී නැගී සිටි වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂී හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් උගත් ජනාධිපති නීතිඥවරයා නීතිපති දෙපාර්තමේන්තුව රූකඩයක් ලෙස හඳුන්වාදීමට උත්සාහ කරන බවත් එය හුදෙක්ම ජනමාධ්‍ය ඉලක්ක කරගෙන සිදු කරන ප්‍රකාශයක් බවත් චෝදනා කළා.

එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කළ ජනාධිපති නීතිඥවරයා තමා කිසිදු අවස්ථාවකට නීතිපතිවරයාට චෝදනා නොකරන බව සඳහන් කළ අතර නීතිපති දෙපාර්තමේන්තුව එවැනි තත්ත්වයකට පත්ව තිබෙන ආකාරය පෙන්වා දුන් බවත් පැවසුවා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් සලකා බැලීම ලබන 24 වනදා දක්වා කල් තිබීමටද අධිකරණය නියම කළා.

Address

WVP6+4C9, Hulftsdorp St, Colombo 01.
Colombo
01200

Alerts

Be the first to know and let us send you an email when Colombo News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category